26 C
Colombo
Tuesday, May 7, 2024

අවු. 200ට පෙර, නිව්ටන්ගේ බල්ලා ගිනිතැබූ- පිරමීඩ් ගැන රහස් සටහන්- ඩොලර් ලක්ෂ 5ක්

- Advertisement -

ඔහු තමයි සම්භාව්‍ය භෞතික විද්‍යාවේ අත්තිවාරම් දැම්ම, චලිතයේ නියමයන් සහ ගුරුත්වාකර්ෂණ නියමය ලෝකෙට කියාදුන්න ගණිතඥයා. ඇපල් වෙනුවට පොල් ගහක් යට හිටියානං කියා අපි පන්තිවල පිටිපස්සෙ පේළිවල ඉඳන් සාප කළේ ඔහුට. අදටත් බොහෝ භෞතික විද්‍යා නියමයන් පිටිපස්සේ ඔහුගේ හෙවණැල්ල තියෙනවා.

අයිසැක් නිව්ටන් ඇල්කෙමිකාරයන් සහ පරණ ගුප්ත දේවධර්මයන්ගේ නොපෙනෙන තැන් ගැනත් අධ්‍යන කරලා තියෙනවා. බයිබලයේ හැංගිලා තියෙන කෝඩ් තියෙනවාද කියලා හොයලා, ඒ කෝඩ්වල ලොක් අරින්නත් අයිටන් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේ හොයාගැනීම් ගැන බොහෝ අය දැනගත්තේත් ඔහුගේ මරනයෙන් අවුරුදු දෙසීයකට විතර පස්සේ.

ඇල්කමිකාරයන් කියන්නේ අතීතයේ හිටපු පුදුම සෙට් එකක්. බොහෝ අය කියන විදියට ඇල්කෙමිකාරයන් උත්සාහ කළේ තඹ රත්තරන්වලට හරවන්න. බැලු බැල්මට පිස්සු අරමුණක්. ඒත්, එයාලා ඒ වෙනුවෙන් විවිධ මූලද්‍රව්‍ය ගැන ඉගෙනගත්තා. පර්යේෂණ කළා. ඒ ගැන පොත්පත් ලීවා. ඒ නිසා එයාලා ලෝකෙ පරණම රසායන විද්‍යාඥයෝ පිරිසක්.

කොහොමහරි මේවායේ තේරුම තමයි, එංගලන්තෙ රාජකීය විද්‍යා ඇකඩමියෙ හිටපු ඉහළම ලෙවල් එකේ විද්‍යාඥයෙක් වුණාට නිව්ටන් තමන්ගෙ මුතුන් මිත්තන්ගේ පරණ දැනුම ගැනත් උනන්දු වුණා කියලා.

දෙසැම්බර් 08 වැනිදා මාර එකක් වුණා. නිව්ටන්ගේ දැනටත් ප්‍රසිද්ධ නොකරපු සටහන්, බයිබල් එකේ කෝඩ් අරින්න ගත්ත උත්සාහයන් ගැන නෝට් දැන් https://www.sothebys.com/en/ කියන වෙබ්සයිට් එකේ විකුණන්න තියෙනවා. ඔහු ඊජිප්තු පිරමීඩවල හැංගිච්ච රහස් ගැනත් හෙව්වා. එයා හිතාගෙන හිටියා ලෝකයේ ගැඹුරු රහස්වලට යතුර පිරමීඩ්වල හැංගිලා තියෙනවා කියලා.  දෙසැම්බර් 08 දෙසැම්බර් 08 වැනිදා ඩොලර් ලක්ෂ 5කට වික්කා.

නිව්ටන් 1680 ගණන්වලදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හිටපු අතරේ, බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යා ඇකඩමියෙදී රොබට් හූක් එක්ක වළියකට පැටලුණා. මේ දෙන්නාගේ වළිය අපේ විද්‍යා ඉතිහාසයෙ ප්‍රසිද්ධම වළියක්. කෙටියෙන් කීවොත් හූක් එක වෙලාවක කියනවා නිව්ටන්ට ගුරුත්වාකර්ෂණය ගැන තමන් කරුණු දුන්නා, නිව්ටන් ඒ ගැන නොකියා එයාගේ වාගේ ඒ තියරි එළියට දැම්මා කියලා. ඇත්ත නැත්ත කෙසේ වෙතකත් ඒ සිද්ධිවලින් පටන්ගත්ත ගැටුමක් තියෙනවා.

මේවායින් මිදිලා නිදහසේ අධ්‍යන වැඩ කරන්න කියලා එංගලන්තෙ ලින්කෂයර් පැත්තේ අයිසොලේට් වෙලා ටික කාලයක් හිටියාලු. පිරමීඩ් ගැන හොයලා තියෙන්නේ ඒ කාලෙ.

එක්තරා දවසක් නිව්ටන්ගෙ ගෙදරදී ‘බල්ලා වැඩ ඔක්කොම කෑවා.’ ජාතියෙ සිද්ධියක් වුණා. නිව්ටන්ගෙ බල්ලා ඩයමන්ඩ් මේසයක් උඩට පැනලා ඉටිපන්දමකට හේත්තුවෙච්ච නිසා, ගෙදර ගින්නක් ඇවිත්. ඒකෙන් ඔහුගේ ගොඩක් සටහන් ගින්නකට අහු වෙලා. ඩොලර් ලක්ෂ පහකට වික්ක සටහන් ටිකත් ඒ ගින්නට අහුවෙලා බාගෙට ගිනි අරන්.

මේ කොළවලින් පිරමීඩ් ගැන අලුත් මගුලක් දැනගන්න ලැබෙන එකක් නෑ. ඒත්, නිව්ටන් වගේ මනුස්සයෙක් උනන්දු වෙච්ච විෂයන් ගැන අවබෝධයක් ලබන්න පුළුවන් වෙනවා. ඒ වගේ මාර මොළයක් තිබ්බ මිනිහෙක් පිරමීඩ් ගැන හිතුවේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම නිව්ටන්ගෙ හිතට වධදුන්න ප්‍රශ්න මොනවද කියන එකත්, එයා කල්පනා කරපු හැටිත් තේරුම් ගන්න පුළුවන්. චුට්ටි විද්‍යාඥයෙක් ඉන්නවානං ඒ ටික හරි වැදගත්.

හැබැයි නිව්ටන්ගෙ තව අපූරු දෙයක් තිබුණා. ඔය පරණ ආගමික විශ්වාස, ගුප්ත විද්‍යාවන්, පිරමීඩ වගේ ඒවා ගැන තමන් අධ්‍යන කරපු බව ලෝකෙට කිව්වෙ නෑ. හංගගෙන හිටියා. අපි කලිනුත් හූක් ගැන කිව්වනෙ. නිව්ටන් කියන්නෙ තමන් ජීවත්වෙලා හිටපු කාලෙම විද්‍යා ලෝකෙ ලොකු නමක් හදාගත්ත ප්‍රභූවරයෙක්. මිනිහාට බයක් තියෙන්න ඇති, ‘මේ මහලොකු විද්‍යාඥයා පරණ ගුප්ත විද්‍යාවන් ගැන හොයනවා’ කියලා අපකීර්තියට මුහුණදෙන්න වේවි කියලා.

ඒ නිසා තමයි මේ ගොඩක් අධ්‍යනයන් ගැන තොරතුරු අවුරුදු සිය ගාණක් තිස්සේ හැංගිලා තිබුණේ. දැන් මේ හිතාගන්න බැරි මිල ගණංවලට විකිණෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...