32 C
Colombo
Sunday, May 5, 2024

රට බංකොලොත් වෙන්නෙ නෑ..! – කබ්රාල්ගෙන් සහතිකයක්

- Advertisement -

රට බංකොලොත් වන තත්වයට පත්ව ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා කළද එවැනි කිසිදු අවදානමක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

2020 වසරේදීද මෙවැනි අවදානමක් පිළිබඳව අනතුරු අඟවා තිබූ නමුත් මේ දක්වා එවැනි තත්වයක් ඇති නොවූ බවයි කබ්රාල් මහතා සිහිපත් කර සිටින්නේ.

ඒ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ‘2022 ශ්‍රී ලංකා ආර්ථිකය: අභියෝග හා විසඳුම්’ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඉතිහාසය පුරා විටින් විට රට බංකොලොත් වන බව විවිධ කණ්ඩායම් ප්‍රකාශ කළ නමුත් ඒ කිසිදු අවස්ථාවකදී රට බංකොලොත් නොවූ බව පෙන්වා දෙන මහ බැංකු අධිපතිවරයා පවසන්නේ දැන් රට නැවතත් ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවයි.

විදෙස් ණය ගෙවීමද ස්ථාවර වී ඇති බවත් ණය ගෙවා දැමීමේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත් කබ්රාල් මහතා පවසනවා. 2021 වසර ආරම්භය වනවිට අප සතුව පැවති සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 05 පමණක් වූ නමුත් වසර අවසන් වනවිට බිලියන 06 ක ණය වාරික පියවීමට සමත් වූ බවත් ඔහු සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...