32 C
Colombo
Sunday, May 5, 2024

පෝට් සිටියට ලංකාවෙ වැලි මදි උනොත් පිටරටින් ගේනවා – මහින්ද

- Advertisement -

ඇතැම් විට වැලි ආනයනය කිරීමට සිදුවිය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, ඊයේ (12) දින පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්.

තවත් වසර කිහිපයකින් රට තුළ වැලි හිඟයක් ද ඇතිවන බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහාත් මුහුදු වැලි හෝ විදේශවලින් ගෙන්වාගත් වැලි භාවිතා කිරීමට සිදුවනු ඇතැයි කී ඇමතිවරයා ගංගාවලින් ලබාගන්නා වැලි වරාය නගරයට දීමේ වගකීම භාරගත නොහැකි බව ද සඳහන් කරනවා.

කොළඹ වරාය නගරයේ සිදුකරන කටයුතු හැර 2025 වසර දක්වා රටේ ඉදිකෙරෙන සවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය වැලි ප්‍රමාණය ඝනමීටර මිලියන 57 ක් ලෙස ගණන් බලා ඇති බවත්, ඉන් සපයාගත හැක්කේ ඝනමීටර මිලියන 42ක් පමණක් බවත් කී ඇමතිවරයා ඉතිරි ඝනමීටර මිලියන 15ක හිඟය පියවන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කරමින් සිටින බව ද කීවේය.

ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ගල්, පස් බොරළු, මැටි ආදිය මෙරටින් සපයාගත හැකි නමුත් වැලි ප්‍රමාණය සොයාගැනීමට ගැඹුරු මුහුදින් වැලි ලබාගැනීම මේ වන විටත් යම් තරමකින් සිදුවන බවත් ගංගාවලින් මෙන්ම ගැඹුරු මුහුදින් වැලි ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් ජනතාවගේ සහ පරිසර සංවිධානවල විරෝධය එල්ල වන බව කී ඇමතිවරයා ගැඹුරු මුහුදෙන් ද අවශ්‍ය තරම් වැලි ලබාගැනීමට නොහැකි වුවහොත් ආනයනය හැර විකල්පයක් නොමැති බවත් පවසනවා.

ලබන වසරෙන් පමණ පසු මහා පරිමාණ ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් දීමේදී වැලි සපයාගන්නා ලෙස දැනුම්දීමට සිදුවනු ඇති බවත් මෙරටින් විදේශවලට වැලි ගෙනයන බවට පැතිර ගිය ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...