25 C
Colombo
Sunday, May 19, 2024

රාජ්‍ය වෙසක් උත්සවය කූරගලට

- Advertisement -

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට තීරණය කළ බව අරලියගහ මන්දිරයේ ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියා.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කූරගල ඓතිහාසික පුදබිම පූජා භූමියක් ලෙස නම් කිරීමට හා කූරගල පුදබිම පිහිටි බලංගොඩ සහ කල්තොට ප්‍රදේශ ආශ්‍රිතව යටිතල පහසුකම් දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර කටයුතු කරන ලෙසයි එහිදී ඒ මහතා නිලධාරීන්ට උපදෙස් දී සිටියේ.

කොළඹ ඇතුළු ප්‍රධාන නගර වල වෙසක් උත්සව සංවිධානය කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසත්, වෙසක් බැති ගී සංදර්ශන, දන්සැල්, වෙසක් පහන් කූඩු තරග, පරිසර සංරක්ෂණ වැඩසටහන්, විශේෂ ආගමික වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන් පැවැත්වීම කෙරෙහි මෙන්ම විහාරස්ථාන, දහම් පාසල් සහ පිරිවෙන් නගාසිටුවීම පිළිබඳවත් මෙහි දී සාකච්ඡා විය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට ප්‍රථම නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...