30 C
Colombo
Friday, May 3, 2024

බොරැල්ල දේවස්ථානයේ බෝම්බය පිටුපසත් මහමොළකරුවෙක් – ඇමති සරත් හෙළිකරයි

- Advertisement -

බොරැල්ල දේවස්ථානයේ බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

කෙසේ වෙතත් එම පුද්ගලයාද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා,

“පොලිසිය පිළිබඳව ඒ වගේ ප්‍රකාශ කළාම ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම එතැන වුණේ. අපි දන්නවා ඇපලෝ රෝහලේත් බෝම්බයක් තියලා. ඒක තියපු කෙනාම තමයි එක රපෝත්තු කළේ. මෙතැනත් මේ බෝම්බෙ තියපු එක්කෙනාම තමයි ඒ පියතුමාට රපෝත්තු කළාට පස්සේ හැන්දෑවේ 5ට පමණ පොලිසිය එතනට ගිහිල්ලා සැකකටයුතු හතරදෙනෙක් ගත්තා. ඒ ළමයාට අවුරුදු 14යි. ඒ ළමයා ඊට පස්සේ මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ මේ පල්ලියේ මාස 8ක් පමණ වැඩකරන ද්‍රවිඩ ජාතික මුනී කියන පුද්ගලයා තමයි එයාට මේ බෝම්බය සහිත මල්ල භාරදුන්නේ කියලා. ඊටපස්සේ ඒ බෝම්බය සහිත මල්ල භාරදුන්න පුද්ගලයා තමයි අල්තාරය උඩ බෝම්බය තිබ්බේ කිව්වා.

ඊට පස්සේ ඒ මනුස්සයා ඒක පිළිගත්තා. ඒ බෝම්බෙ වටේට රබර් පටියක් දාලා පින් එක ගලවලා හඳුන්කූරක් තියලා ගිනිකූරු 15ක් දාලා අන්තිමට හඳුන්කූර පත්තු වුණාට පස්සේ ගිනිකූර පත්තුවෙලා බෝම්බය පුපුරන්න තමයි සකස් කරලා තිබ්බේ. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කාමරය ඇතුලේ ටේප් තිබුණා හඳුන්කූරු තිබුණා ගිනිකූරු තිබුණා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තම. පල්ලියේ ඉන්න පුද්ගලයෝ අත්අඩංගුවට අරන් හිරිහැර කරනවා කියන එක මොනතරම් බාල තත්ත්වයක් කියල තමයි මට අහන්න තියෙන්නේ. ඒක හින්දා එහෙම කරන්න නරකයි. උදේ පාන්දර නොන්ඩි ගහගෙන පුද්ගලයෙක් ආපු බව ඇත්ත. ඒ පුද්ගලයා පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වනවා. පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. පල්ලියම තමයි උදව් කරන්න ඕන අපිට ඒ පුද්ගලයා අල්ලන්න.

ඒ රහස්‍ය තොරතුරු අපි තියාගෙන ඒ පරීක්ෂණ කටයුතු ඉවර වෙනකන් විතරයි. ඒවා ඉවරවෙන්න කලින් කවුරුහරි මාධ්‍ය වෙත නිකුත් කරනවානම් ඒක සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක්. ඒ වගේ දේවල් කරන්න එපා කියල අපි කියා සිටිනවා. පොලිසිය කෙරෙහි විශ්වාසය තියන්න. පොලිසිය තමයි චිරාත් කාලයක් මේ රටේ නීතියයි සාමයයි ආරක්ෂා කළේ. පොලිසියක් නැතුව එහෙම කරන්න බෑ. ඒ විශ්වාසය කඩවෙන විදියට අපි කවදාවත් වැඩකරලා නෑ. CCTV දර්ශන සවස 3 ඉඳල බැලුවේ ඉක්මනට අදාළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න ඕන නිසා. මේක 5ට රිපෝට් කළේ. එහෙම කියල පොලිසිය උදේ ඒවා බලන්න එපැයි කියල නෑ. පොලිසිය උදේ තියෙන CCTV දර්ශන විනාශ කරන්න කියල නෑ. ඉතින් ඒ වගේ ඒවා තියෙනවානම් ඒවා පොලිසියට දන්වන්න ඕන.

අනිත් එක තාම දවස් දෙකයි. මේ පරීක්ෂණය තාම පවත්වාගෙන යනවා. ප්‍රධාන මිනිහව අපි අල්ලගත්තා. ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධියයි. පල්ලියේ බෝම්බ සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා. මේ රජය අපහසුතාවයට පත්කරන්න, පොලිසිය හමුදාව අපහසුතාවයට පත්කරන්න ඉන්නවා පුද්ගලයෝ. ඒ මහමොළකරුවා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා කියන එකත් අපි අනිවාර්යයෙන්ම කියනවා. තමන් බෝම්බය තියලා තමන්ම ඒක කියන්නේ රටේ අනාරක්ෂිත භාවයක් තියෙනවා කියලා පෙන්නන්න කරන වැඩක්”.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...