25 C
Colombo
Sunday, May 19, 2024

නාමල් රජවෙන්නේ කොහොමද බලමු..! – දයාසිරිගෙන් අභියෝගයක්

- Advertisement -

අමාත්‍ය නාමල් රාජපක්ෂ අනාගතයේ රජවන ආකාරය බලාගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ, ඊයේ (15) පැවති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රීලනිප සම්මේලනය අමතමින්.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සලකන්නේ මේ ආකාරයෙන් නම් ඔහුගේ අනාගත දේශපාලන ඉලක්ක සම්බන්ධයෙන් එය අනතුරුදායක විය හැකි බවයි ශ්‍රීලනිප මහලේකම්වරයා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා,

“අර පාස්කු බෝම්බය අරගෙන දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කරේ ගහන්න තමයි ඒගොල්ලො හදන්නෙ. පක්ෂෙට ගහන්න ඕනෙ නම් පක්ෂෙ නායකයාට ගහන එක තමයි ඒගොල්ලන්ගෙ අරමුණ. තුනෙන් දෙකක් දෙන්න කලින් කල්පනා කරන්න තිබුණා, හයෙන් පහක් දෙන්න කලින් කල්පනා කරන්න තිබුණා කොහොමද අපි මේ කට්ටියව පාලනය කරන්නෙ කියලා. දැන් මොකද වෙලා තියෙන්නෙ ? ඒගොල්ලන්ට තිබුණෙ ලක්ෂ 50 යි පොදුජන පෙරමුණට. ඔය මොන කයිය ගැහුවත් ඒ ලක්ෂ 50, ලක්ෂ 65ක් 69ක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණ හින්දා, හොඳට මතක තියාගන්න.

ඒක අමතක වෙලා. හැබැයි ඉතින් අනාගතයේ රජවරු වෙන්න බලාගෙන ඉන්න කට්ටිය කොහොමද දැන් කතා කරන්නෙ ? දැන් ඒගොල්ලො එහෙම නම් අපට කතා කරන්නෙ, ඒගොල්ලො රජවෙන්නෙ කොහොමද කියලා අපි බලමු අනාගතයේ. කවුරුවත් නෙවෙයි අපේ නාමල් මහත්තයා මං දැක්කා ඊයෙ පෙරේදා කියනවා … තාත්තා ඔය වගේ කතා කියන්නෙ නෑ. ඔය අද ඇමතිකම් අරන් ඉන්න හැම ඇමතිවරයෙක්ම ශ්‍රීලනිපයේ ලක්ෂ 15ක් ඡන්දෙ දුන්න මිනිස්සුන්ට ණයගැතියි.

අපි බයවෙන්නෙ නෑ කොහෙවත් ගිහිල්ලා කියන්න. කාටවත් බයේ අපි මේ දේශපාලනය කරන්නෙ නෑ, මතක තියාගන්න. ඒක කතා කරනකොට ඒක තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනෙ ඔය කතාකරන අනිත් කට්ටියට. අපි ගොළුවො, බිහිරො, අන්ධයො නෙවෙයි. කරන වැරදි අපට පේනවා, ඇහෙනවා”

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...