29 C
Colombo
Saturday, May 4, 2024

ප්‍රධාන ප්‍රශ්නය වී තිබුණේ ජාතික ආරක්ෂාවයි – දැන් එය සුරක්ෂිතයි

- Advertisement -

වර්ෂ 2019දී තමා බලයට පැමිණෙන විට රටේ තිබූ මූලික ගැටළුව ජාතික ආරක්ෂාව බව මේ වන විට බොහෝ දෙනාට අමතකව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (18) දින 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදු කරමින්.

මේ වන විට වත්මන් රජය විසින් රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

වර්තමානයේදී ජනතාවට ත්‍රස්තවාදය සම්බන්ධව බියක් නොමැති බවත් බන්ධනාගාර බස් රථ වලට වෙඩි තබා ආරක්ෂකයන් සහ රැඳවියන් ඝාතනය කළ පාතාල යුගය අවසන් කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මීට පෙර රටේ තරුණ ප්‍රජාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වලට යොමුව සිටි බවත් මෙරට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබූ බවත් පසුගිය වසර දෙක තුලදී එය මර්දනය කිරීමට රජයට හැකි වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැදගත්වන පොලිස් සේවාවේ ද වෙනස්කම් රැසක් සිදුකළ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...