29 C
Colombo
Saturday, May 4, 2024

ගැටුණොත් මහා විනාශයක් වෙන හෙට පෘථිවිය අසලින් යන ග්‍රාහකය

- Advertisement -

පෘථිවිය සමග ගැටුණොත්, පරමාණු බෝම්බ 7,500 ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කළ හැකි යෝධ ග්‍රහකයක් හෙට (19) පැයට කිලෝ මීටර් 75639 ක වේගයකින් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බව විද්‍යාඥයින් පවසනවා.

කිලෝ මීටරයක පමණ විශ්කම්භයකින් යුතු මෙම ග්‍රහකය ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ බර්ජ් කලීෆා ට වඩා උස බවත් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල මෙන් තුන් ගුණයකින් විශාල බවත් පැවසේ.

තාරකා විද්‍යාඥයන් 7482 (1994 පී.සී.) යන නිල නාමයෙන් නම් කළ මෙම යෝධ ග්‍රහකය, සොයා ගනු ලැබ ඇත්තේ 1994 වසරේ දී ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ රොබට් මැක්නෝට් විසිනි.

ශ්‍රී ලංකාවේ වේලාවන් හෙට (19) අලුයම 3.21 ට 7482 (1994 පී.සී.) ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරනු ඇත. මෙම ග්‍රහකය යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ තවත් වසර 200 කිනි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...