33 C
Colombo
Monday, May 6, 2024

හැකි පමණින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ගන්න – හිරුණිකා

- Advertisement -

ඉදිරියේදී ආහාර හිඟයක් අනිවාර්යයෙන්ම ඇතිවෙන හෙයින් හැකි ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නැයි තමන් සියලුම දෙනාට දැනුම් දෙන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඒ, ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

සුපිරි වෙළඳසැල් කොල්ලකන යුගයක් බිහිවිය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය,

“මම දැක්කා බොහෝ ඇමතිවරුන් කියනවා රටේ කවදාවත් ආහාර හිඟයක් ඇතිවෙන්න දෙන්නෙ නෑ කියලා. එහෙම නම් ඇයි මේ කැනේඩියානු රජය විසින් ලංකාවෙ ජීවත්වෙන, ලංකාවෙ නිවාඩුවට ආපු, ලංකාවෙ පදිංචිවෙලා ඉන්න කැනේඩියානු ජාතිකයින්ට නිවේදනයක් නිකුත් කරන්නෙ, ලංකාවෙ ඉදිරියේදී ඉන්ධන හිඟයක් හා ආහාර හිඟයක් ඇතිවෙනවා, ඉක්මනට ආහාරයි ඉන්ධනයි එක්කහු කරගන්න කියලා ?

අපේ රටේ ඉන්න නායකයින් රටේ මිනිස්සුන්ට බොරු කිව්වාට දියුණු රටවල දියුණු රටවල්වල රජයන් කියනවා ලංකාවෙ ජීවත්වෙන තමන්ගෙ ජාතිකයින්ට කරුණාකරලා ගබඩා කරගන්න කියලා මේ අවශ්‍ය ද්‍රව්‍ය. ඒ මොකද, ඔවුන් දන්නවා මේ රට විශාල අගාධයකට යනවා කියලා. ඒ හින්දා මමත් දන්න දන්න හැම කෙනාටම කියන්නෙ, ඔබ සියලු දෙනාටම කියන්නෙ කරුණාකරලා පුළුවන් තරමක් බඩු තමන්ට හැකි පමණින් ටික ටික ගබඩා කරගන්න බලන්න. මොකද මේ යන විදියට පුංචි දරුවන් එහෙම ඉන්න පවුල්වලට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධවෙනවා.

ඉස්සර අපි අහලා තියෙන්නෙ රත්තරන් බඩු කඩවලට මංකොල්ලකාරයො පැනලා රත්තරන් බඩු හොරකම් කරනවා කියලා, හැබැයි ඉදිරියේදී මතක තියාගන්න සතොස, කීල්ස්, ෆුඩ්සිටි වගේ අත්‍යවශ්‍ය බඩු තියෙන ස්ථානවලට තමයි හොරු පනින්නෙ. ඒ අත්‍යවශ්‍ය බඩුයි ඉස්සරහට හොරකම් කරන්නෙ. මිනිස්සුන්ගෙ අතේ සල්ලි තිබ්බත් වැඩක් නෑ. හාල්, එළවලු, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අද වෙනකොට අසාමාන්‍ය විදියට මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ පළවෙනි පියවර. දෙවැනි පියවර වෙන්නෙ කොච්චර මුදල් තිබ්බත් බඩු භාණ්ඩ නැතිවෙන එක. මාර්තු – අප්‍රේල් කාලෙ වෙනකොට බඩු භාණ්ඩ නැතිවෙනවා”

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...