26 C
Colombo
Tuesday, May 7, 2024

අපි උණ්ඩ නැතුවත් යුද්ධ කළා – කබ්රාල්

- Advertisement -

‍යුද සමයේදී ආයුද නොමැති දින සහ උණ්ඩ නොමැති දින ද තිබූ බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාල් පවසනවා.

ඒ අද දින මාධ්‍යවේදියෙකු නැගූ ගැටළුවකට පිළිතුරු ලබා දෙමින්.

ඉන්ධන වැනිදෑ ලබාදීම රජයේ වගකීමක් වන බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවයි ඔහු පවසන්නේ.

මාධ්‍යවේදියා –

“දින 8කට පමණයි ඉන්ධන ලබාගෙන තියෙන්නේ. ඉදිරියේදී කොහොමද මේකට ඩොලර් ලබා දෙන්නේ?”

මහබැංකු අධිපතිවරයා –

“ඔබතුමාට මතක ඇති 2007/08/09 කාලයේදී ලොකු යුද්ධයක් කළා. සමහර දින තිබුණා ආයුධ නැති දිනත්. සමහර දින තිබුණා පතුරම් නැති දිනත්. අපි ඇවිල්ලා හැමදාම ටීවී එකට කිව්වේ නෑ. කිව්වා නම් එල්.ටී.ටී.ඊ එක ගහලා එදාම. ඒ නිසා දවස් 8කට තියෙනවා කියලා කියනකොට ඊළඟ දවසෙ තවත් කරුණු තියෙනවා අපිට කරගන්න. ඒක අපි කරයි. තෙල් ගබඩා කරන්න බෑ දවස් 80කට. ඒක ගතික ක්‍රියාවලියක්. ඒ නිසා දවස් 2කින් හෝ 3කින් එයි. දැන් හැමෝම අනුමාන කරනවා. තෙල් තියෙන්නේ දාවස් 3 ද විදුලිය තියෙන්නේ දවස් 8ද, ඒවා අවශ්‍ය නෑ. රජයේ වගකීම තමයි ඒවා ලබාදෙන එක. ඉතින් ඒවා ලබාදෙයි. ඒ නිසා ඒකට වැඩිය කලබල වෙන්නෙ නැතුව ඉන්න ඕනෙ”

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...