29 C
Colombo
Saturday, May 4, 2024

රටේ මිනිස්සුන්ට කන්න නෑ, බජට් පාටිය නවත්වන්න – චමින්ද විජේසිරි

- Advertisement -

රටේ ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් එදාවේල සොයාගත නොහැකි තත්වයකට පත්ව සිටින අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙවැනි භෝජන සංග්‍රහ පැවැත්වීම සුදුසු නොවන බවත් එබැවින් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු පැවැත්වීමට නියමිත සාම්ප්‍රදායික භෝජන සංග්‍රහය අත්හිටුවන ලෙස සමගි ජන බලවේගය කතානායකවරයා‍ගෙන් ඉල්ලා ඇත.

දෙසැම්බර් 10 දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසා සිටියේ එම භෝජන සංග්‍රහයට වැය කරන මුදල කොරෝනා මර්දන වැඩපිළිවෙල සඳහා පරිත්‍යාග කළයුතු බවය.

අයවැය විවාදයෙන් පසුව කතානායකරවයා විසින් පවත්වන මෙම ‍භෝජන සංග්‍රහය සඳහා මෙවර 500 කට වැඩි පිරිසක් සහභාගිවීමට නියමිත බවත් ඒ සදහා අමුත්තන් 700 කට පමණ ආහාර හෝටලයින් ගෙන්වීමට කටයුතු කර ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...