32 C
Colombo
Saturday, May 4, 2024

බන්දුල – ඉම්රාන් ඛාන් හමුවක්

- Advertisement -

පාකිස්ථානයේ සංචාරයක නිරත වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබෙනවා.

ඒ පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා-පාකිස්ථානු වෙළෙඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නිරන්තර සාකච්ඡා පැවැත්වීමත්, අදහස් හුවමාරු කරගනිමින් සිය වෙළෙඳ කටයුතු වඩාත් ව්‍යාප්ත වූ වපසරියක් තුළ පවත්වා ගැනීමට රටවල් දෙකෙහිම ව්‍යාපාරිකයන් මෙහෙයවීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

බෞද්ධාගමික ජනතාව පකිස්ථානයේ සංචාරය කිරිමේ වැඩපිළිවෙළ ප්‍රවර්ධනයට අපේක්ෂා කරන බව ද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී පැවසූ බව වෙළඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

එහිදීි අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන , තමා වෙත සිදු කළ ආරාධනයට අනුව දෙරට අතර වෙළෙඳ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක් සමඟ පාකිස්ථානයට පැමිණි අවස්ථාවේ දී, තමා ඇතුළු දූත පිරිස ලද පිළිගැනීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමනු ලබන බවයි.

අධ්‍යාපන, සෞඛ්‍ය අංශ, තාක්ෂණික, ඇඟළුම්, සංචාරක ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවක් තුළින් ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර වෙළෙඳ සහයෝගීතාවය වඩාත් ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ විදේශ අමාත්‍යාංශ නියෝජිතයින්, වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකාවේ හා පාකිස්ථානයේ ව්‍යාපාරිකයින් පිරිසක් එක් සිටියා.

May be an image of 4 people, people standing, outdoors and tree
May be an image of 2 people and outdoors

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...