33 C
Colombo
Sunday, May 5, 2024

තාත්තට රෝහලට ගියේ ලෙඩෙක් බලන්නයි; මාධ්‍ය කියන්නෙ බොරු..! – නාමල්

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කෙරුණු බවට පළවූ පුවත් අසත්‍ය වන බවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මාහතා පවසනවා.

ඒ, අද දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

තමන් සහ පියා ලෙඩෙකු බැලීමට ගිය නමුත් ලෙඩෙකු වශයෙන් රොහලට නොගිය බවත් බැලීමට ගිය රෝගියා හට සැත්කමක් සිදුකළේද යන්න සම්බන්ධව තමන් නොදන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.

අදාල දිනයේ තමන්ගේ මවගේ උපන්දිනය යෙදී තිබුණු බැවින් සියළු දෙනාම නිවසේ රැඳී සිටිය බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (24) දින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ බවට පුවත්පත් වාර්තා කර සිටියා.

මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු සැත්කමක් සිදුකළ බවත් එම සැත්කම සඳහා අගමැතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස දීර්ඝ කලක් කටයුතු කරන වෛද්‍ය නරේන්ද්‍ර පින්තූ ද එක්වී සිටි බවත් පුවත්පත් එහිදී වාර්තා කර සිටියා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...