32 C
Colombo
Monday, May 6, 2024

චීනය තායිවානය පිළිබද අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කරන බවට චෝදනා

- Advertisement -

චීනය විසින් විවිධ සමාජ මාධ්‍යවල ව්‍යාජ ගිණුම් 400 කට වැඩි ප්‍රමාණයක් හරහා තායිවාන ජාතිකයන් ඉලක්ක කර ගනිමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් සිටින බව තායිවාන විමර්ශන කාර්යාංශය පවසයි.

එම කාර්යංශය ‍චෝදනා කරන්නේ , චීනය, තායිවාන ජාතිකයන් අතර ජනප්‍රිය සමාජ මාධ්‍ය, අන්තර්ජාල සහ මාර්ගගත සේවා වෙත ඇතුළු වී එරට රජය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය යටපත් කිරීමට, සමාජය අස්ථාවර කිරීමට සහ මැතිවරණවලට මැදිහත් වීමට උත්සාහ කරන බවයි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී එම කාර්යංශය විසින් මීට සම්බන්ධ ව්‍යාජ ගිණුම් සහ වැරදි තොරතුරු සෙවීම ආරම්භ කර ඇති අතර එහිදී එවැනි සිද්ධීන් 2,773ක් විමර්ශනය කිරීමට හැකිවී ති‍‍බේ.

ඊට අදාළ සැකකරුවන් ලෙස පුද්ගලයින් 234 දෙනෙකු ලැයිස්තුගත කර ඉන් 174 කට එරෙහිව නීතිමය කටයුතු කිරීමට ද තායිවාන බලධාරීන් පියවර ගෙන ඇත.

තායිවානයේ වඩාත්ම ජනප්‍රිය ඔන්ලයින් දැන්වීම් පුවරු පද්ධතිය වන පීපල්ස් ටෙක්නොලොජි ටෙම්පල් හි ඇතැම් පලකිරීම් චීන ගිණුම් මගින් වෙනස් කර ඇති බවටද තායිවාන විමර්ශන කාර්යාංශය මගින් අනාවරණය කර ගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

කොළ පාට අර්තාපල් කන්න එපා.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලිමක්

උග්‍ර විෂ සහිත බැවින් කොළ පැහැති අර්තාපල් අල මිලට ගැනීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුහු පෙන්වා දෙන්නේ කොළ පැහැති අර්තාපල් අල...

වතු ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැසක් අහිමි වෙලා

රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් රැසක් වතුකරයේ ඇතැම් ජනතාවට නොමැති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥය නිමල් ජි පුංචිහේවා මහතා...

රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...