32 C
Colombo
Sunday, May 5, 2024

ඔලිම්පික් උළෙල ආසන්නයේ බීජිංහි කෝවිඩ් රීති දැඩි වෙයි

- Advertisement -

ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට සති දෙකකටත් අඩු කාලයක් තිබියදී කොවිඩ් ප්‍රභේද නව වෛරසයේ රෝගීන් කිහිපදෙනකු වාර්තා වීම නිසා බීජිං නගර තුළ වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා අලුතින් දැඩි ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබේ.

නව රෝගීන් 9 දෙනෙකු ජනවාරි 22 වන දින බීජිං හි සොයා ගත් බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළ අතර ඉන් හයක් නගරයේ ෆෙංතායි දිස්ත්‍රික්කයේ වාර්තා විය.

ඒ හේතුවෙන් ෆෙංතායි දිස්ත්‍රික්කයේ සියලුම පදිංචිකරුවන් සඳහා COVID-19 සඳහා වූ අම්ල පරීක්ෂණක් සංවිධානය කරන බව දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීහු පවසති.

ෆෙංතායි හි අසල්වැසි ප්‍රදේශයක් ඇතුළුව අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් නගරයෙන් පිටව නොයන ලෙසත් ජන ඒකරාශී රැස්වීම්වලින් වළකින ලෙසත් දැනුම් දී තිබේ.

මේ අතර කොරොනා වෛරසයේ පළමුවන ඔමික්‍රොන් ප්‍රභේදය කැනඩාවෙන් බීජිං වෙත පැමිණෙන්නට ඇති බවට බලධාරීහු විශ්වාසය පළකරති.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...