30 C
Colombo
Friday, May 3, 2024

ආර්ථික අර්බුදයේ පතුලේ ගිලුණු පාකිස්ථානයටත් අත පාන ඇමති බන්දුල

- Advertisement -

ශ්‍රී ලංකාව එදා මෙදා තුර ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටිනවා.
මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය මාස 6 තුළ දෙගුණ තෙගුණ වී ඇති අතර විදුලි අර්බුදයක්ද රට තුළ නිර්මාණය වී තිබෙනවා.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු මෙරට වෙළඳ නියෝජිත කණ්ඩායමක් පාකිස්තානයේ නිල සංචාරයක නිරත වූයේ මෙවැනි වාතාවරණයක් රට තුල නිර්මාණය වී ඇති පසුබිමකයි.
අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර, පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ඇතුලු එරට රජයේ ඉහළපෙළේ නියෝජිතයන් රැසක් හමුවුණා.

එහිදී මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පකිස්ථානයෙන් ඩොලර් මිලියන 200 ක ගනුදෙනුවක් සිදුකිරීමට අපේක්ෂාවක් පැවති බවද ඇතැම් තහවුරු නොකළ ආරංචි මාර්ග වාර්තා කළා.
කෙසේ වෙතත්, නව පකිස්ථානයක් පිළිබඳ, දහසකුත් එකක් පොරොන්දු ජනතාවගේ හිස මත තබා දේශපාලන බලය හිමිකර ගත් ඉම්රාන් ඛාන්ගේ රජය, වර්තමානයේ පකිස්ථානය ඇද දමා ඇත්තේ විශාල ආර්ථික අර්බුදයකටයි.

පාකිස්තානයට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය 2021-22 දී ඩොලර් බිලියන 23.6 ක් සහ 2022-23 දී ඩොලර් බිලියන 28 ක් ලෙස ගනන් බලා තිබෙනවා.
මෙම දැවැන්ත බාහිර මූල්‍ය අවශ්‍යතාවල පරතරය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට පාකිස්තාන බලධාරීන් මේ වන විට දැඩි ප්‍රයන්තයක නිරතව සිටිනවා.
මෑත කාළීන වාර්තාවකින් ලෝක බැංකුව සඳහන් කළේ ලොව විශාලතම විදේශ ණය ඇති රටවල් දහය අතරට පකිස්ථානය එක් වී ඇති බවයි.

මීට අමතරව පාකිස්තානයේ උද්දමනය කලාපයේ දෙවැනි වන්නේ ඇෆ්ගනිස්ථානයට පමණක් වන අතර 12.3%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතරවාරයේ පකිස්ථානය දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 1.93 ක ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කර ඇති අතර එය පෙර වසරට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි අගයක්.

පාකිස්තානය මේ තරමින් හෝ සිය ආර්ථිකය වත්තම් කරගෙන සිටින්නේ පසුගිය සඳුදා 7.95% ඉහළ පොලී අනුපාතයකට සුකුක් බැඳුම්කරය හරහා ඩොලර් බිලියන 1 ක ණයක් ලබා ගැනීමත් සමගයි.
එය ඉස්ලාමීය බැඳුම්කරයක් සඳහා සිය ඉතිහාසයේ ගෙවීමට පකිස්තානය එකඟ වූ ඉහළම පිරිවැය ද වනවා.
පාකිස්තාන රජය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ගියේ මාස එකහමාරකට පෙර සෞදි අරාබියෙන් ලබාගත් ඩොලර් බිලියන 3 න් ඩොලර් බිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් අනතුරුවයි.
මේ අතර පාකිස්තානයේ විදේශ ගමන් බලපත්‍රය ද ජ්‍යාත්‍යන්තයර ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට ලොව නරකම රටවල් අතරට පත් වී තිබෙනවා.

ඒ අනුව සිරියාව, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය පමණක් එම ලැයිස්තුවේ ඊට පහළින් දැක්වෙන අතර උතුරු කොරියාව ද ඊට ඉහලින් ස්ථානගත වීම කැපී පෙනෙනවා.
පකිස්ථානයේ විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ සිව්වන නරකම රට ලෙස ශ්‍රේණිගත කෙරුණේ අඛණ්ඩ තුන්වන වසරටයි.

උද්ධමනය, දරිද්‍රතාවය, විරැකියාව හා ආර්ථිකය කඩා වැටීම මීට ප්‍රභල ලෙසම බලපා තිබෙනවා.
සිය දැවැන්ත ආර්ථික අහේනිය හමුවේ ගිලෙමින් ඇති නැවක් බදු වූ පාකිස්තානය සමග වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට සංචාරයක නිරත වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම නිල සංචාරය අතරතුර පාකිස්ථානු විදේශ අමාත්‍ය ශා-මහමූද් කරේශි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, පාකිස්ථානය සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම ප්‍රකාරව නිරන්තර ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කිරීම සඳහා මාර්ගගත ක්‍රමවේද මෙන්ම තානාපති කාර්යාල වල සහයෝගය ද ව්‍යාපාරික ප්‍රජාව වෙත ලබා දිය යුතු බව පෙන්වා දී තිබෙනවා.

පාකිස්ථානයේ පළමු නිදහස් වෙළෙඳ ගිවිසුම ද වන මෙම වෙළෙඳ ගිවිසුමට , වසර 18ක් ගත වුවද මේ දක්වා එහි උපරිම ප්‍රයෝජන ගැනීමට රටවල් දෙකම කටයුතු කර ඇත්තේ අවම වශයෙන් වන බැවින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් සලසා ඇති සහනදායී වැඩපිළිවෙළින් උපරිම ප්‍රයෝජන ගැනීම වර්තමානයේදී අත්‍යවශ්‍ය වී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇති බව සඳහන්.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් දෙරට අතර පවතින මිතුදම ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පෙන්වා දුන් පාකිස්ථානු විදේශ අමාත්‍ය ශා-මහමුද් කරේෂී මහතා ප්‍රකාශ කළේ, වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපන, ආරක්ෂක, කෘෂිකාර්මික මෙන්ම මානව සම්පත් සංවර්ධනය යන ක්ෂේත්‍ර ඔස්සේ ද වර්ධනය විය යුතු බවයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවේදී පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කළේ ශ්‍රී ලංකා -පාකිස්ථානු වෙළෙඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නිරන්තර සාකච්ඡා පැවැත්වීමත්, අදහස් හුවමාරු කරගනිමින් සිය වෙළෙඳ කටයුතු වඩාත් ව්‍යාප්ත වූ වපසරියක් තුළ පවත්වා ගැනීමට රටවල් දෙකෙහිම ව්‍යාපාරිකයන් මෙහෙයවීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පැවසුවේ තමා වෙත සිදු කළ ආරාධනයට අනුව දෙරට අතර වෙළෙඳ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක් සමඟ පාකිස්ථානයට පැමිණි අවස්ථාවේ දී, ලද පිළිගැනීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමනු ලබන බවයි.
අධ්‍යාපන, සෞඛ්‍ය අංශ, තාක්ෂණික, ඇඟළුම්, සංචාරක ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවක් තුළින් ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර වෙළෙඳ සහයෝගීතාවය වඩාත් ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා ද නිදහස් වෙළෙඳ ගිවිසුමේ වැදගත්කම අවධාරණය කළද 2012 වසරේ සිට ආරම්භ වී තිබූ එම සාකච්ඡා තවමත් අවසන් වී නැහැ.

ඒ අදාළ කෙටුම්පත ඉදිරිපත් කිරීම පාකිස්ථානය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටීම හේතුවෙන්.
එවන් පසුබිමක දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලෙන පාකිස්ථානයෙන් සහය ඉල්ලීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කිරීම අතිශයින්ම විහිලු සහගත ප්‍රවේශයක්.

චීන ණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත සිය ආර්ථිකය රඳවාගෙන සිටින පාකිස්ථානයට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහයක් නැහැ.

අනෙක් අතට ඉන්දියාව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සුවිශාල ආර්ථික සහන පැකේජයක් යෝජනා කර ඇති පසුබිමක ශ්‍රී ලංකාව පාකිස්ථානයේ සහය ඉල්ලා සිටීමත් පදනම් විරහිත තත්ත්වයක්.

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව නව ආර්ථික වැඩපිළිවෙලකට යෑම මිස තමන්ටත් වඩා දරුණු අර්බුදයක කරවටක් ගිලී සිටින පාකිස්ථානයට අත පෑම නොවේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...