30 C
Colombo
Friday, May 3, 2024

මෙරට ආසාදිතයින්ගෙන් 95%කට පමණ ඔමික්‍රෝන්

- Advertisement -

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වෛද්‍ය විශේෂඥවරු පවසනවා.

ඒ බව විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරුවී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර, මේ වනවිට රට තුළ පවතින්නේ කොවිඩ් රැල්ලේ සුනාමියක් වැනි තත්ත්වයක් බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසනවා.

ඒ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ වනවිට රෝහල්ගතවී සිටින කොවිඩ් රෝගීන් රෝහල්ගතවී ඇත්තේ කොවිඩ් නිසාම නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා,

“කොළඹ ජාතික රෝහලේ දැන් කොවිඩ් රෝගීන් වැඩිවෙලා තියෙනවා. මේ වනවිට රෝහල්ගතවී සිටින කොවිඩ් රෝගීන් රෝහල්ගත වෙලා ඉන්නේ කොවිඩ් නිසාම නෙමෙයි. ඒ අයට කොවිඩ් තියෙනවා.. නමුත් වෙන වෙන රෝග තත්ත්වයන් නිසාත් ඔවුන් රෝහල්ගත වෙලා තියෙනවා.

මෙයින් වැඩිදෙනෙක් එන්නත් ලබානොගත් අය. එන්නත් ලබාගත් අයගේ තියෙන රෝග ලක්ෂණ ඉතාම අඩුයි. ඒ රෝගීන්ව රෝහල් තුළ තබාගත යුතු තත්ත්වයක් නැති තරම්.”

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...