28 C
Colombo
Saturday, May 4, 2024

ජලාශ මත පාවෙන සූර්ය පැනල මගින් විදුලිය සපයන ව්‍යාපෘතියක්

- Advertisement -

ජලාශ මත පාවෙන සූර්ය පැනල සවිකොට පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කරන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (26) දින දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු විශාල ජල ධාරිතාවක් රැස් වන මධ්‍යම කඳුකරයේ මහවැලි ජලාශවල මෙම ව්‍
යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා . විදුලිය නිෂ්පාදනය කොට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම මෙන්ම මහා පරිමාණ ජලාශ වල ජල වාෂ්පීකරණය අවම කිරීමට ද මේ තුළින් හැකියාව ලැබෙනවා .

මෙරට 40,000 ක් වන වැව් වලින් ග්‍රාමීය වැව් 5000 ක් වසර 5ක කාලයක දී ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා . මේ වන විටත් වැව් 1500 ක ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කොට තිබෙනවා . එම වැව් කේන්ද්‍ර කොට ගනිමින් ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරනවා . පානීය ජලය ලබා ගැනීම සහ උස්බිම් වල කෘෂි වගාවන් සදහා සුදුසු පරිදි ජලය සම්පාදනය කර ගැනීමට ද එම වැව් හරහා බලාපොරොත්තු වෙනවා .

ග්‍රාමීය මට්ටමේ නව ව්‍යවසායකයන් හඳුනා ගනිමින් ඔවුන්ට කර්මාන්ත දියුණු කිරීම සඳහා උපකාර කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම, ප්‍රාදේශීය කර්මාන්ත ශාලා බිහි කිරීමටත් අපේක්ෂා කරනවා . විදේශ රටවලින් ආනයනය කළ නමුත් මෙරට ද වගා කිරීමේ හැකියාව තිබූ හා ඇතුළු බෝග වර්ග එකයි හතක් දේශීයව වගා කළා . දැනට එහි අස්වනු තොග විශාල ලෙස නිපදවා වෙළඳ පොළට යොමු කරවමින් තිබෙනවා”

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...