33 C
Colombo
Sunday, May 5, 2024

සිමෙන්ති සහ සහල් ආනයනයට පකිස්තානයෙන් ඩොලර් මි. 200ක්

- Advertisement -

ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා පකිස්තානය සමඟ සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින් පවතින බව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා උපුටා දක්වමින් මෙරට ප්‍රධාන ධාරාවේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් අනාවරණය කර සිටිනවා.

මෙම ණය පහසුකම තුළින් පකිස්තානයෙන් සහල් සහ සිමෙන්ති ආනයනයට කටයුතු කෙරෙන අතර රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම කටයුත්ත සිදුකෙරෙනු ඇති බවයි එම පුවත්පත වාර්තා කර සිටින්නේ.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්ත අංශය දැවැන්ත පීඩාවකට ලක්ව ඇති පසුබිමක රජය මෙම පියවරට එළඹ තිබේ.

ඊයේ (02) දිනයේ දී ඉන්දියාවේ එක්සිම් බැංකුව සමඟ ගිවිසුමකට මුදල් අමාත්‍යාංශය විසින් අත්සන් තැබූ අතර එහිදී ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් සැපයෙනු ඇත.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...