30 C
Colombo
Friday, May 3, 2024

ලිංගික බලපෑම් ගැන චෝදනා කළ චීන ටෙනිස් තරුව තවමත් බියෙන් හා සැකයෙන්

- Advertisement -

ඉහළ පෙළේ කොමියුනිස්ට් පක්ෂ නායකයෙකුගෙන් ලිංගිකව හැසිරීමට බලපෑම් එල්ල වූ බවට ප්‍රසිද්ධියේ චෝදනා කිරීමෙන් පසු එකවරම නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කළ චීන ටෙනිස් තරුවක් වන පෙන්ග් ෂුයායි තවමත් බියෙන් සහ සැකයෙන් පසුවන බවත් තර්ජනයකට මුහුණ දී සිටින බවටත් වාර්තා පළවී තිබේ.

ඇයව සම්මුඛ සාකච්ඡාවකට ලක් කළ මාධ්‍යවේදියෙකු අනාවරණය කර ඇත්තේ, නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකිද සහ නිදහසේ ගමන් කළ හැකිද යනුවෙන් ඇය වෙත යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබුණු බවයි.

පෙන්ග් හෙළිකළ ලිංගික බලපෑම් චෝදනාවෙන් පසු සති ගණනාවක් ඇය සමාජයෙන් අතුරුදහන් වී සිටි අතර පසුව චීන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද ඡායාරූප අවස්ථාවන්හි පමණක් පෙනී සිටියාය.

පසුගියදා චීන ඔලිම්පික් නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් ඇය සමඟ පැවැත්වූ සීමාකාරී සම්මුඛ සාකච්ඡාවකදී පෙන්ග් සමඟ සාකච්ඡා කළ ප්‍රංශ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වන මාර්ක් වෙන්ටවුලික් පැවසූයේ, සිද්ධියෙන් පසු ඇයට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ඇද්දැයි යන්න ගැන තමාට තවමත් විශ්වාස නැති බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...