27 C
Colombo
Monday, May 6, 2024

විදුහල්පතිනිය දණ ගැස්සූ නඩුවෙන් චාමර සම්පත් නිදොස් කොට නිදහස්

- Advertisement -

විදුහල්පතිනියක දණ ගැස්සූ බවට ඌව හිටපු ප්‍රධාන ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව බදුල්ල පොලිසිය විසින් පවරා තිබූ නඩුවෙන් අද (15) ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා සඳහන් කළේ සමත මණඩලයේදි ඇති වී තිබෙන සමතය අනුව චූදිත චාමර සම්පත් දසනායක මහතා නිදොස් කොට නිදහස් කරන බවයි.

බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මියගේ පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා තිබූ අතර නීතිපති උපදෙස් මත මෙම නඩුව සමත මණ්ඩලයට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළා.

ඒ අනුව බදුල්ල සමත මණ්ඩලය කැඳවූ අවස්ථාවේ දෙපාර්ශවයේ එකඟතාව මත නඩුව සමතයකට පත්කරගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...