28 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහනය කළ බස් රථයේ තිබී හිස් පතරොම් දෙකක් හමුවෙයි

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථයකින් හිස් උණ්ඩ දෙකක් සොයාගැනීමට ඉන්දීය චන්දිගාර් පොලිසිය සමත්වී තිබෙනවා.

සත්කාරක ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර පුහුණු සැසි සඳහා මොහාලි හි පන්ජාබ් ක්‍රිකට් සංගමයේ ක්‍රීඩාංගණය අසල පිහිටි ඔවුන්ගේ හෝටලයට මෙම බස්රථය ගමන් කරමින් සිටි බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

අදාළ බස් රථය ටාරා බ්‍රදර්ස් නම් පෞද්ගලික ප්‍රවාහන ආයතනයකින් කුලියට ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින Lalit හෝටලයෙන් බස් රථයට ගොඩවීමට පෙර සාමාන්‍ය පරිදි පොලීසිය විසින් බස්රථය පරික්ෂා කිරීමේදී මෙම හිස් උණ්ඩ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රවාහනය කිරීමට පෙර මෙම බස්රථය විවාහ උත්සවයක් සඳහා අමුත්තන් ප්‍රවාහනය කිරීමට යොදාගෙන ඇති බව බස්රථයේ රියදුරු පොලීසියට සදහන් කර ඇති බව ඉන්දියානු පොලීසිය පවසනවා.

මෙම ටෙස්ට් තරඟය එළැඹෙන මාර්තු 4 සිට 8 දක්වා පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...