27 C
Colombo
Monday, May 6, 2024

චමුදිතගේ නිවසට පහරදීම: පුෂ්පිකා පොලිසියට (වීඩියෝ)

- Advertisement -

හිටපු ශ්‍රි ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඊයේ (28) දින ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පිළියන්දල පොලිසියට කැඳවා තිබුණා.

ඒ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉකුත් 23 පොලිසිය ඇය කැඳවා තිබු න්මුත් එදිනට පැමිණිය නොහැකි බවත්, වෙනත් දිනයක පැමිණෙන බවත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය නීතිඥවරුන් මගින් පොලිසියට දැනුම් දී තිබුණා.

ඒ අනුව ඇය නීතිඥ සරිත් පතිරත්න මහතා සමඟ සමග මීට ඊයේ දින පිළියන්ද පොලිසිය වෙත පැමිණ සිටි අතර එහිදී ඇයගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර තිබුණා.

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාර එල්ලවීමට මාස කීපයකට ඉහත දී යූ ටියුබ් චැනලයක් හරහා පුෂ්පිකා ද සිල්වා මහත්මිය චමුදිත සමරවික්‍රම මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක අන්තර්ගත වූ කරුණු සම්බන්ධයෙන්ද එහිදී ප්‍රශ්න කර තිබූ බවත් මේ වන විට ඇය ඇතුළු පුද්ගලයන් තිස් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...