27 C
Colombo
Friday, May 3, 2024

විමල්ට එරෙහි තුම්මුල්ලේ නඩුවට දින නියම කෙරේ

- Advertisement -

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් මැයි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කර සිටියා.

ඒ, එම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

2016 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙමෙඅ නඩුව ගොණු කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේ ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හයදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර සහ මොහොමඩ් මුසම්මිල් යන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක යන හිටපු මන්ත්‍රීවරුන් ද හිටපු පළාත්සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා ද මෙම නඩුවෙහි විත්තිකරුවන් වශයෙන් නම් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

රට පුරා වෛරස් තත්ත්වයක්. නැවත මුඛ ආවරණ පලඳින ලෙසට උපදෙස්

උතුරු මැද පළාතේ ඇතුළුව රට පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගය වෛරස් තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් වළකින ලෙසත් සමූහ...

මහවැලි ඉඩම්වල කිසිම නීතිවිරෝධී ක්‍රියාවක් කරන්න දෙන්නෙ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන්

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. රාජ්‍ය...

මොවුන් දුටුවොත් පොලිසියට කියන්න

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...