28 C
Colombo
Monday, May 6, 2024

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් මාලදිවයිනේ පදිංචියට කැඳවන්න

- Advertisement -

ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයින් හට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය සඳහන් කරනවා.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.
එමෙන්ම කොවිඩ් 19 රෝගයෙන් මියයන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදුකිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද ඇයගේ සටහනෙහි දැක්වෙනවා.

මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවේ කොවිඩ් මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට අවශ්‍ය පසුබිම සලකා බලමින් සිටින බවයි.

මේ අතර කොවිඩ් 19 ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් ආදාහනය කිරීමට එරෙහි විරෝධතාවයක් බේරුවල නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (16) සිදු කළා.
බේරුවල නගර සභාව ඉදිරියේ දී නිහඬ විරෝධතාවක යෙදෙමින් ඔවුන් සඳහන් කළේ රටවල් 184 කොවිඩ් මෘතදේහ භූමිදානය කිරීමට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර ලබාදී නොමැති බවයි.
එමෙන්ම මුස්ලිම් ජාතීන්ගේ මෘතෙදේහ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නැයි ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද මෙහිදී ඔවුන් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...