30 C
Colombo
Thursday, May 2, 2024

සිසිර ජයකොඩිගේ ධම්මික පැණියට අනුරාධපුරයේදී කාලි වැහෙයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය සම්පූර්ණයෙන් සුවකල හැකි බවට පැවසෙන කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තෙකු සොයා ගත් පැණියක් පිළිබදව පසුගිය සති කිහිපය පුරා දැඩි කතා බහට ලක් වුණා.
මෙම පැණියට රාජ්‍ය අනුග්‍රහයද ලැබුණු අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද එය ප්‍රවර්ධනය කිරීමට මහත් වෙහෙසක් ගත්තා.
මෙම පැණිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් පෙවීමට කටයුතු කළ අතර පසුව එය නොමිලයේ බෙදාහැරීමට කටයුතු කිරීමේදී දැඩි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩවීම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වී එම කටයුත්ත නවතා දැමුවා.
මේ අතර ධම්මික බණ්ඩාරගේ මෙම පැණිය අද ජයශ්‍රී මහා බෝධියට පූජා කිරීම සඳහා ඔහු ඇතුළු භික්ෂූන්වහන්සේලා පිරිසක් අද අනුරාධපුරයට පැමිණියා.
මෙම භික්ෂූන්වහන්සේලා අතර තමන් බුදු වූ බව පවසමින් පූසාරියෙකු ලවා කහ නහවාගෙන පසුව තමන් කළ අමනෝඥ ක්‍රියාව පිළීබදව මහනාහිමිවරුන්ගෙන් සමාව ගත් බොරැල්ලේ සිරිසුමන නම් භික්ෂුවද සිටිනු දක්නට ලැබුණා.
මෙම පැණිය අටමස්ථානාධිපති ආචාර්ය අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමියන් වෙත පූජා කළා.
අනතුරුව ඔහු එම පැණිය ශ්‍රී මහා බෝධියට පූජා කිරීමට උත්සහ කළද ඒ සදහා අවසර ලැබී නැති අතර එය පහළ මළුවට පමණක් පූජා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
පසුව ඔහු නැවතත් අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමියන් බැහැ දැක එම ස්ථානයේදී ආරූඪ වූ ආකාරයෙන් නාහිමියන් හට බැණවැදී තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ තමන් කාලි බවත් උන්වහන්සේගේත් ‘අම්මා’ තමන් බවයි.

ධම්මික බණ්ඩාර යනු කෑගල්ල – මාතුර – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ඉපිද මේ වන විට උඩුවාගම – අඹවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුගේ සැබෑ නම වනුයේ අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාලයි.
ඔහු කලක් රූකඩ නටවමින්, ඩොල්කි ගසමින් සහ වඩුවැඩ කරමින් සිට ඇති අතර එක්වරම කාලි මෑණියන්ගේ වරමක් ලැබුණු බව පවසමින් දේවාලයක් ඉදිකර ඇත.
එහි නම වන්නේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලයයි.
ඔහු හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ සමීපතමයෙක්ද වනවා.
ඔහුගේ පැණිය සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගෙන ඒමටත් සිසිර ජයකොඩි මහතා වැනි උගත් නීතිඥයෙකුට එය පොවා රට නොමග යැවීමටත් එම දේශපාලන හිතවත්කම් භාවිතා කර තිබෙනවා.
ධම්මික බණ්ඩාර ලෙස පෙනී සිටින මෙම පුද්ගලයා බටහිර හෝ ආයුර්වේද වෛද්‍ය සභාවක ලියාපදිංචිව ඇද්ද, එසේ ලියාපදිංචිව ඇත්නම් ඒ කවර කාණ්ඩයක් යටතේද, ඔහුගේ ලියාපදිංචි අංකය කුමක්ද යන්න සදහන් කරමින් ආයුර්වේද සභාවට පැමිණිල්ලක්ද ලැබී තිබෙනවා.

————————- ධම්මික නැමැත්තා 2006 වසරේදී ———————————————–ධම්මික නැමැත්තා 2020 වසරේදී ——————

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...