33 C
Colombo
Wednesday, May 1, 2024

ඉන්දියානු ණය ආධාර යටතේ හිමිවන පළමු ඩීසල් නෞකාව අද දිවයිනට

- Advertisement -

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු ඩීසල් රැගත් නෞකාව අද (20) දිවයිනට පැමිණෙනවා.

ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක් එම නෞකාවේ අන්තර්ගත බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ.

මේ අතර, අදත් ප්‍රදේශ රැසකට පැය 03යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමට සිදුව ඇති අතර පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් ඉන්ධන සැපයීම සිදුනොවීම නිසා ඇතැම් පිරවුම්හල් අසල පැය ගණනක් ගෙවමින් ඉන්ධන ලබාගැනීමට ජනතාවට සිදුව තිබෙනවා.

තවද, දින 05ක පමණ කාලයක සිට මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවට ඩොලර් ‍ගෙවීම හෙට (21) දිනය තෙක් කල්දමා තිබෙනවා.

එමෙන්ම බොරතෙල් නොමැතිවීමෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා තැබීමට සිදුවන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා. ඒ අනුව, බොරතෙල් සපයාගැනීමේ අර්බුදය හේතුවෙන් එම පිරිපහදුව වසාදැමෙන්නේ තුන්වන වරටයි.

RECENT ARTICLES - SINHALA

ඩිසල් මිල අඩු වුනාට බස් ගාස්තු අඩු කරන්න බැහැ-ගැමුණු

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. බස් ගාස්තු සංශෝධන සූත්‍රයට අනුව මෙම ඩීසල්...

1700ක වැටුපක් දෙන්න බැහැ – වතු හාම්පුතුන්ගේ සංගමය

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහළ පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය...

අනුරගේ ගෝලයෝ මැයි දිනේට ටිකට් බෙදලා සල්ලි අරන් – තුෂාර ඉඳුනිල්

ජාතික ජන බලවේගය විසින් මැයි දින සැමරුම සඳහා ආධාර පත්‍රයක් නිකුත් කර ඇති බවට  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. සමගි ජන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...