25 C
Colombo
Sunday, May 19, 2024

බංග්ලාදේශයට ඉතිහාසගත ජයක්

- Advertisement -

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකාවේදී එක්දින තරගාවලියක් ජයගැනීමට ඊයේ සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 – 1 ක් ලෙස ජයගනිමින්.

දෙරට අතර ඊයේ (23) දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හි සුපර්ස්පෝට් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවති තෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 37ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

එහිදි බංගලාදේශය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් පන්දුවාර 09ක් තුළ ලකුණු 35ක් පමණක් ලබාදෙමින් දකුණු අප්‍රිකා ඉනීමේ කඩුලු 05 බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ඇරඹු බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 26.3ක් තුළ ලකුණු 156ක් ලබාගනිමින් තරඟය ජයගත්තේ එක් කඩුල්ලක් පමණක් දැවීගොස් තිබියදී.

එහිදී බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ නායක තමීම් ඉක්බාල් පන්දු 82ක් තුළ ලකුණු 87ක් ලබාගනිමින් බංගලාදේශය පහසු ජයක් කරා මෙහෙයවුවා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන 02කම දිනාගනු ලැබුවේ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් විසින්.

ඒ අනුව දකුණු අප්‍රිකාවේදී එක්දින තරගාවලි ජයක් ලබාගත් තුන්වන රටලෙස බංගලාදේශය වාර්තා අතරට එක්වුණා.

මීට පෙර දකුණු අප්‍රිකාවේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය පමණක් වන අතර ශ්‍රී ලංකාවටද මෙතෙක් එම දස්කම දැක්වීමට හැකිව නැහැ.

තරගාවලියේ තරග විස්තරය දැක්වූණේ පහත පරිදියි.

?පළමු තරගය
BAN – 314/7 (50)
SA – 276 (48.5)

?දෙවන තරගය
BAN – 194/9 (50)
SA – 195/3 (37.2)

?තුන්වන තරගය
SA – 154 (37)
BAN – 156/1 (26.3)

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...