30 C
Colombo
Friday, May 3, 2024

චීනයට එරෙහිව යුරෝපා සංගමයට ලිපියක්

- Advertisement -

ෂින්ජියැන්ග්, හොංකොං සහ ටිබෙටය ඇතුළු ප්‍රදේශවල චීනය විසින් දිගින් දිගටම සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් මානව අයිතිවාසිකම් සංවිධාන ගණනාවක් ඉදිරියේ දී පැවැත්වීම නියමිත යුරෝපා සංගම් (EU)-චීන සමුළුවට පෙර යුරෝපා සංගමයේ නායකයින් වෙත ඒකාබද්ධ ලිපියක් යැවීමට කටයුතු කර තිබේ.

යුක්‍රේන අර්බුදය සහ ඒ පිළිබඳ චීන රජයේ ස්ථාවරය පිළිබඳ ප්‍රධාන ලෙස සාකච්ඡා කිරීමට නියමිත මෙම සමුළුවේ දී චීනයේ දේශසීමා තුළ සිදුවන මානව හිමිකම්වලට එරෙහි චීන බලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන සාකච්ඡා කිරීමට ද ප්‍රමාණවත් කාලයක් කැප කරන ලෙස එමඟින් ඉල්ලීමක් කර ඇත.

මෙම ලිපිය ක්‍රිස්තියානි සහයෝගිතාව (CSW), හියුමන් රයිට්ස් වොච්, ටිබෙටය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය (ICT), මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව යොමු කර තිබේ.

පසුගිය කාලසීමාවේ දී මෙම අයිතිවාසිකම් කණ්ඩායම් විසින් ෂින්ජියෑක්හි උයිගුර් සහ අනෙකුත් සුලුතර ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් චීන බලධාරීන් දුණු මානව හිමිකම් කඩකිරීම් සිදු කරන බවට තොරතුරු රැසක් අනාවරණය කරන ලදී.

බීජිං හි ක්‍රියාවන් ටිබෙට් ජාතිකයන්ගේ සංස්කෘතික, භාෂාමය සහ ආගමික අයිතීන් උල්ලංඝනය කරන අතර ඒ හා සමානව හොංකොං හි සිවිල් සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට තර්ජනයක් වී ඇති බව ද එම කණ්ඩායම් පවසයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...