33 C
Colombo
Monday, May 6, 2024

පාරට බහින්න හරි ජීවිතේ ඉතුරු උනේ අපි නිසා..! – මහින්දානන්ද

- Advertisement -

ජනතාව මේ වනවිට දැවැන්ත පීඩනයක සිටි බව ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

වත්මන් අර්බුදය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුදයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව තේරුම් ගතයුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනතාවද මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත්, බඩට නොව රටට ලැබෙන දේ පිළිබඳව කල්පනා කළයුතු බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ජනතාව අතට හා බඩට ලැබෙන දේ පිළිබඳව පමණක් කල්පනා කරන බවයි.

ආණ්ඩුවට බැනීමට හෝ, ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කිරීමට හෝ ජීවිතය ඉතිරි වී තිබෙන්නේ ආණ්ඩුව විසින් ලබාදුන් එන්නත් නිසා බව අද බොහෝදෙනාට අමතක වී ඇති බවයි අද පැවති උත්සවයකදී කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේ.

ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය, අත්‍යවශ්‍ය ආහාර අර්බුදය ඇතුළු සියලු අර්බුද ඉතා ඉක්මනින් විසඳන බවත් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ආණ්ඩුව සතු බවත් ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...