28 C
Colombo
Saturday, May 4, 2024

මුස්ලිම් ජාතිකයන්ට ආණ්ඩුවෙන් සහනයක්. රටඉදි බද්ද රුපියල දක්වා පහළට

- Advertisement -

රාමසාන් උපවාස කාලයේදී මුස්ලිම් ජනතාවට සහන සැලසීම උදෙසා රටඉඳි ආනයනය සඳහා දැනට ක්‍රියාත්මක කිලෝග්‍රෑමයකට රු.200ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑමයකට රුපියලක් පමණක් අයවන ලෙස එම බද්ද රු.199කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 මාර්තු 28දා, එනම් අද දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ 2022 මාර්තු මස 28 දිනැති 2273/01 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.

එමෙන්ම ආනයන බලපත්‍ර ක්‍රමවේදය යටතේ රටඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බව ද මුදල් අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...