32 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවේ කාශ්මීරයට වාර්තාගත සංචාරක පැමිණීමක්

- Advertisement -

ඉන්දියාවේ කාශ්මීර නිම්නයෙන් ගෙවීගිය ශීත සෘතුවේ දී මෙතෙක් වාර්තා වූ ඉහළම සංචාරකයින්ගේ පැමිණීම වාර්තා වී ඇති අතර එමඟින් සංචාරක කර්මාන්තයේ නොසිතූ විරූ ප්‍රබෝධයක් ඇති වී ඇතැයි වාර්තා වේ.

එය නිම්නයට මෙතෙක් වාර්තා වී ඇති සංචාරකයින්ගේ ඉහළම අගය වන අතර ඉදිරි මාසවල වසන්තයත් සමග කාශ්මීරයට සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් අපේක්ෂා කරන බව ජම්මු කාශ්මීර ප්‍රධාන ලේකම් ඒ.කේ. මේතා ආසියාවේ විශාලතම ටියුලිප් උත්සවය ආරම්භ කරමින් මාධ්‍ය වෙත පවසා තිබේ.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2021 නොවැම්බර් මාසයේ සිට මේ වසරේ පෙබරවාරි මාසය දක්වා මාස හතරක කාලයක් තුළ සංචාරකයින් 447,096 ක් පැමිණ ඇති අතර එය පෙර වසරේ මෙම කාල සීමාවේ පැමිණි සංචාරකයින් මෙන් දෙගුණයකට වැඩි බව සඳහන් වේ.

මාර්තු මස පළමු දින 21 තුළ පමණක් සංචාරකයින් ලක්ෂ 1.05 ක් කාශ්මීරයට පැමිණ ඇති අතර මාසය අවසන් වන විට එම සංඛ්‍යාව ලක්ෂ 1.5 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

2019 අගෝස්තු මාසයෙන් පසු පැරණි ප්‍රාන්තයේ විශේෂ තත්ත්වය අවලංගු කර ආරක්ෂාව සහ සන්නිවේදනය අගුලු දැමීමත් සමඟ කාශ්මීරයේ සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී තිබිණි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...