29 C
Colombo
Saturday, May 4, 2024

පේරාදෙණියේ සැත්කම් නැවතීම ගැන ඉන්දීය විදේශ ඇමති සොයා බලයි

- Advertisement -

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැලසුම් කළ සැත්කම් අත්හිටුවීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

රෝහලේ පවතින තත්ත්වය පිළිබඳව දැකීමෙන් තමන් නොසන්සුන්තාවට පත්වූ බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවට උදව් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලෙස තමන් කොළඹ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් ක‍ර සිටියා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැලසුම් කළ සියලු සැත්කම් තාවකාලිකව අත්හිටුව ඇත්තේ ඖෂධ සීමා වීම හේතුවෙන් වන අතර මේ පිළිබද ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, සැපයුම්කරුවන්ගේ ප්‍රමාදයක් හේතුවෙන් සැත්කම් සඳහා භාවිත කරන එක් ඖෂධයක හිඟයක් ඇති බවයි.

කෙසේ වෙතත් එම වර්ජනයෙන් පැය කිහිපයකට පසුව ශල්‍යකර්ම සදහා අවශ්‍ය සියලු උපකරණ හා බෙහෙත් ද්‍රව්‍ය කඩිනමින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසා සිටියා.

අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ උපකරණ හිඟ වීම මත ශල්‍ය කර්ම නතර කර දැමූ බවට සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වූ පුවත පලදරමින් එසේ වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු පහසුකම් සැලසීම මත අද පස්වරුවේ සිට නැවත සියලු ශල්‍යකර්ම සිදු කිරීම ආරම්භ කෙරෙන බවත් ට අදාළ පියවර මේ වන විට ගෙන ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටිනවා.

මේ අත,ර අත්‍යවශ්‍ය ඖෂධ 248 ක් ආනයනය සඳහා ලැයිස්වක් සකස් කර ඇති අතර ඒ අතරින් මේ දිනවල අත්‍යවශ්‍ය ඖෂධ 16 කට කඩිනමින් ණයවර ලිපි නිකුත් කිරිමේ වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන්නැයි ද දැනුම්දී තිබේ.

බෝ නොවන රෝග, හෘද රෝග ඇතුළු රෝග රැසකට භාවිත කරන ඖෂධ එම ඖෂධ 16 ට ඇතුළත්.

මේ අතර පේරාදෙණිය රෝහලේ සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ ලබා දෙන බවට වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් සහතිකය මත සැලසුම් කල සැත්කම් නැවත ආරම්භ කිරිමට පියවර ගන්නා බව පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...