28 C
Colombo
Sunday, May 5, 2024

තවත් සමීපතමයෙකු ඉම්රාන් ඛාන් හැරයයි

- Advertisement -

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹීමට සුළු වේලාවකට පෙර, ඔහුට සහය පළකරමින් සිටි ජම්හුරි වටන් පක්ෂයේ ප්‍රධානී ෂාසායින් බුග්ටියාගේ සහාය අහිමි වී ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවෙන් වෙන්වී අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන බව ඔහු එරට මාධ්‍ය සදහන් කර තිබේ.

ඉම්රාන් ඛාන්ගේ විශේෂ සහකාරවරයකු ලෙස කටයුතු කළ ෂාසායින් බුග්ටි පාකිස්තාන මහජන පක්ෂයේ සභාපති බිලාවල් භූතෝ-සර්දාරි සමඟ පැවති සාකච්ඡාවකින් පසු සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළේය.

අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව මාර්තු 8 වැනිදා ඉස්ලාමාබාද්හි පැවති පා ගමනකින් අනතුරුව විපක්ෂය විසින් කතානාකවරයාට භාරදෙන ලද අතර ඒ පිළිබද වන විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

සතියක් තුළ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බවට විශ්වාස කෙරන අතර දැනටමත් බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් එහිදී අගමැතිවරයාට විරැද්ධව ඡන්දය දෙනු ඇති බවට දැනටමත් වාර්තා පළවී ඇත.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...