27 C
Colombo
Thursday, May 2, 2024

ගෑස් මිල වැඩි කිරීමේ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට

- Advertisement -

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.

ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා,

“ලංකාවේ දෛනික අවශ්‍යතාවයට වඩා ගෑස් සිලින්ඩර 30,000ක් පමණ දැන් වෙළෙඳපොළට නිකුත් කරනවා. පසුගිය දවස් 10 තුළ මිලියනයකට ආසන්න හෝ අධික ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් වුණා.

අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ඇණවුමක් මේ වනවිට සකස් කරලා තියෙනවා.

ගෑස් මිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. කොච්චර මුදලකින් වැඩි වෙනවා ද කියලා දැම්ම කියන්න බෑ. ඒවා ආයතනය තුළ රහස්‍ය තොරතුරු. සති දෙකක් හෝ තුනක් යනකම් මිල වැඩිකිරීමක් කරන්නේ කෑ කියලා තීරණයක් අරගෙන නෑ. මේ වනවිටත් අපි රුපියල් බිලියන 4.5ක පමණ අලාභයක් සමගයි යන්නේ. මෙහෙම පාඩු ලබද්දී කොහොමද ඊළඟට ගෑස් ගෙන්නන්නේ.”

RECENT ARTICLES - SINHALA

ගමට ගිහින් බය නැතුව කියන්න ජනාධිපතිවරණය දිනන්න පෙහොට්ටුවේ ආශිර්වාදය තියෙන්න ඕන කියලා- මහින්ද

මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන...

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...