29 C
Colombo
Saturday, May 4, 2024

භාරකාර ආණ්ඩුවක් නොදුන්නොත් රජයෙන් ඉවත් වෙනවා – ශ්‍රීලංනිපය

- Advertisement -

භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ වත්මන් අර්බුද වලට විසඳුම් සොයන ලෙසට ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා

එසේ නොකරන්නේ නම් යළිත් මධ්‍යම කාරක සභාව රැස්වී ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයට එළඹෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.  

මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය ජනාධිපතිවරයාට යොමු කරන බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ජනාධිපතිවරයාට යොමු කරන අවසන් ලිපිය වනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටින බවත් ජනතා ප්‍රශ්න කඩිනමින් නොවිසඳුව හොත් ජනතාවගේ පැත්තේ සිටගෙන ආණ්ඩුවෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ප්‍රචාරක ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ඉදිරි සති කීපය තුළ මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද මන්ත්‍රීවරයා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි  එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (1) පස්වරුවේ රැස්විය.

රටතුළ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සහ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 

RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...