32 C
Colombo
Sunday, May 5, 2024

සර්ව පාක්ෂික – අන්තර්කාලීන ආණ්ඩුවකට ආණ්ඩුව සූදානම්..! – විමල්

- Advertisement -

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා පවසනවා.

විමල් වීරවංශ මහතා අනාවරණය කළේ, තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සමග ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉදිරි සතිය තුළ එම වැඩපිලිවෙළ ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

මේ අතර හදිසි නීතිය පැනවීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරනවා

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...