32 C
Colombo
Monday, May 6, 2024

සර් එක්ක අපිට ගැටලුවක් නෑ

- Advertisement -

ඔබතුමා විතරයි අපි ඉස්සරහ බය නැතුව කතා කරන්න ආවේ “සර් යන්න, සර් එක්ක අපිට ගැටලුවක් නෑ” යනුවෙන් ඊයේ 5දා පාර්ලිමේන්තුව වැටලූ උද්ඝෝෂකයෝ පිරිසක් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර දිසානායක ඉදිරියේ පැවැසූහ.

පාර්ලිමේන්තු රැස්වීම අවසන් කර මැති ඇමැතිවරුන් එළියට බසින තුරු පාර්ලිමේන්තුවේ ගේට්ටු දෙක අසල උද්ඝෝෂකයන් විශාල පිරිසක් සටන් පාඨ කියමින් රැක සිටි අතර විරෝධතාවයේ නිරතව සිටි ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටවන මැති ඇමැතිවරුන් බොහොමයකට ඉන් පිටවීමට ඉඩ නොදී දැඩි විරෝධය පළ කළ අයුරු දැකගන්නට ලැබිණි.

ඒ අතරතුර ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායකගේ රථය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට පැමිණෙන විට මුලින් ඔහු අනුර දිසානායක යැයි හ¾දුනාගැනීමට නොහැකිව මේ අපේ හොරකම් කරපු සල්ලිවලින් ගත්ත වාහන, වැනි විවිධ චෝදනාවලින් අනුර දිසානායක මන්ත්‍රිවරයාගේ වාහනයටද බාධා පැමිණ වූහ.

කෙසේ නමුත් මන්ත්‍රි අනුර දිසානායක විසින් අදාළ උද්ඝෝෂකයන් අමතා ප්‍රකාශ කළේ අපි ඔබලගෙ උද්ඝෝෂණ සමඟ ඉන්නවා. ඔබලාගේ උද්ඝෝෂණයේ යෙදෙමින් මේ තියපු පියවර පස්සට ගන්න එපා යනුවෙනි.

එවිට උද්ඝෝෂකයන් ප්‍රකාශ කළේ ජනතාවට බය නැතුව ඔබ පමණයි ඉදිරියට ආවේ. ඔබත් එක්ක අපිට ගැටලුවක් නෑ, නමුත් ඔබලාගේ ආණ්ඩුවක් යටතේ හොරකම් කරන අයට දඬුවම් දෙනවාද? හොරකම වළක්වන්න පුළුවන්ද? දේපළ පවරාගන්න පුළුවන්ද ආදී විවිධ ප්‍රශ්න විමසූ අතර එවිට මන්ත්‍රි දිසානායක පැවැසුවේ තමා සතුව රාජපක්ෂ පවුල හොරාට ගත් ඉඩම් 35ක ඔප්පු සහ තවත් විශාල වංචා දූෂණ පිළිබඳ ෆයිල් ඇති බවය. ඒවගේ ඉඩම්, බලාගාර විකිණීමෙන් විශාල කොමිස් කුට්ටි රාජපක්ෂ පවුල ප්‍රමුඛ ආණ්ඩුවේ පිරිසක් ලබාගන්නා බව ඔහු කීය.

එහෙනම් ඒ ෆයිල් ප්‍රසිද්ධ කරන්න යැයි උද්ඝෝෂකයෝ මන්ත්‍රිවරයා ඉදිරියේ අවධාරණය කළහ.

අනිවාර්යයෙන්ම අපේ පාලනයක් යටතේ පමණයි හොරුන්ට දඬුවම් දිය හැක්කේ. මුලින්ම මේ පාලකයන් පලවා හැරිය යුතුයි යනුවෙන් පැවැසූ විට උද්ඝෝෂණයේ නිරත පිරිස මන්ත්‍රි අනුර කුමාර දිසානායකට යාමට ඉඩ දුන්හ.

  • අනුරාධා හේරත් (මව්බිම)

RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...