33 C
Colombo
Sunday, May 5, 2024

රජය බලයේ සිටින්නේ කිසිඳු ජන බලයක් නොමැතිවයි – ගම්මන්පිළ

- Advertisement -

ආණ්ඩුවට එරෙහිව ආරම්භ වී ඇති ජනතා විරෝධතාවල ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට කැප වූ හැටනම ලක්ෂය නියෝජනය කරන පුද්ගලයන්ම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කිසිදු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි බවත්, ඒ අනුව වත්මන් පාලකයන් බලයේ සිටින්නේ කිසිදු ජන බලයක් නොමැතිව බවත් ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පක්ෂ 11 කණ්ඩායම සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තවදුරටත් බලහත්කාරී ලෙස බලයේ සිටීමට උත්සාහ දරන්නේ නම් ජනතාව රටේ නීතිය ද නොසලකා කටයුතු කරනු ඇති බවත්, ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රතිචාර දක්වනු ඇති බවත් ඔහු පවසනවා.

තමන්ට හැකි නීති සියල්ලම ක්‍රියාත්මක කර ජනතාව පාගා දැමීමට උත්සාහ කළද ජනතාව ජීවිතයට තිබෙන ආදරය අත්හළ පසු කිසිදු නීතියක් වලංගු නොවන බවත්, නොකා නොබී දුක්විඳ මියයාමට වඩා වෙඩි කා මියයාම ජයග්‍රහණයක් ලෙස ජනතාව තීරණය කරන දිනයේදී පාලකයන්ට අකුලාගෙන යාමට සිදුවන බවත් ගම්මන්පිල මහතා අවධාරණය කරනවා.

වර්තමානයේදී රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදය පාලකයන් විසින්ම නිර්මාණය කළ අර්බුදයක් බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා පවසන්නේ මේ වනවිට රටත් ජනතාවත් එම අර්බුදයට බිලි වී ඇති බවයි. එපමණක් නොව තමන් විසින් නිර්මාණය කළ රකුසා දැන් අර්බුදයේ නිර්මාපකයන් ද බිලි ගනිමින් සිටින බවයි.

තුනෙන් දෙකක බලයක් සහිතව බලයට පත් වූ වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරයද අහිමි වන දිනය වැඩි ඈතක නොවන බවද ඔහු සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...