28 C
Colombo
Monday, May 6, 2024

පක්ෂෙට වඩා මට රට ලොකුයි..! – හර්ෂ අලුත් පිම්මකට සූදානමෙන්

- Advertisement -

ඉදිරි දින කිහිපය තුළ රටේ ස්ථාවරභාවයක් ඇති නොවුනහොත් වත්මන් ආර්ථික අර්බුදයට විසදුම් ලබාදිය නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ, ඊයේ (11) දින රූපවාහිනී වැඩසටහනක් සමග එක්වෙමින්.

ඔහු පෙන්වා දෙන්නේ පක්ෂ, පාට භේදවලින් තොරව රට වෙනුවෙන් ඕනෑම වගකීමක් භාර ගැනීමට සූදානම් බවයි.

“දේශපාලන පක්ෂයට වඩා මට රට ලොකුයි. මම රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න සූදානම්. වැඩ පිළිවෙල සාර්ථක වෙන්න නම්, ඒ පසුබිම තියෙන්න ඕනේ. මෙතෙන ජනාධිපතිටත් රාජපක්ෂ පවුලේ උදවියටත් කල්පනා කරන්න වෙනවා, පොහොට්ටුවේ දේශපානය කරන්න ද ? එහෙම නැත්නම් රටේ මිලියන ගණනක් ඉල්ලන ඉල්ලීම්වලට සවන් දෙන්නද කියලා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා දීර්ඝ සාකච්ඡාවක් කළා. ඔහුට මගේ හිතේ තියන දේවල් කිසිම දේශපාලන භේදයකින් තොරව මම කිව්වා. මම සබ්රි ඇමතිතුමාටත් කිව්වා. උපදෙස් කිහිපයක් දුන්නා. අපිට ඇමතිකම් ගන්න ඕනේ නෑ දැන්.

අලුතින් මහ බැංකුවේ අධිපති පත්කරා. මම කිව්වා නන්දලාල් ඔයා බය වෙන්න එපා කියලා. මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න ඔබට කරන්න තියෙන දේවල්වලට අපි කකුළෙන් ඇදින්නේ නෑ. ජනාධිපතිවරයා හොඳටම දන්නවා අපිට තව දවස් තුනක් යන්න බැහැ කියලා. සඳුදා වෙනකල් යන්න බැහැ. ප්‍රශ්නය විසඳගන්න ඕනේ සඳුදා ට කලින්. ඇත්ත වශයෙන්ම නිවාඩ් කබ්රාල් කරපු වැඩේ සහගහන අපරාධයක‍්. මිනිස්සුන් ව නැති කරා. දරුවන්ව නැතිකරා. මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න බැහැ දේශපාලන ස්ථාවරභාවයක් අපිට පෙන්වන්න බැරි නම්. අද මං කියන දේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇහුවොත් හොඳයි. අපි විශාල මුල්‍ය අර්බුදයක ඉන්නේ.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...