30 C
Colombo
Tuesday, May 7, 2024

ලක්ෂ 8ක් නොදුන්නොත් පොඩි ලැසී මරනවා කිව්වා – මව පවසයි

- Advertisement -

රුපියල් ලක්ෂ අටක් තමා ඇතුළු පොලිස් නිලධාරීන්ට ලබා නොදෙන්නේ නම් දැනට බුස්ස බන්ධනාගාරයේ සිටින පොඩි ලැසී විමර්ශනයක් සඳහා යයි කියමින් එළියට අරගෙන මරා දමන බවට සහකාර පොලිස් අධිකාරිවරයෙක් යැයි කියනා පුද්ගලයෙන් තමන්ට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කරන බව පොඩි ලැසීගේ මව වන දිල්හානි තනුජා මහත්මිය ඊයේ (11) රාත්‍රියේ හික්කඩුව තෙල්වත්ත සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියා.

මේ ආකාරයට තමන්ට දුරකථන ඇමතුම් ලබාදී රුපියල් ලක්ෂ අටක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහා ගන්නා අය නීතියේ රැහැනට කොටුකර ගන්නා ලෙස තමා පොලිස්පති ඇතුළු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවයි ඇය පවසන්නේ.

ඉකුත් සිකුරාදා 077——1 යන දුරකථන අංකයෙන් තමා සහකාර පොලිස් අධිකාරීවරයෙක් බවත් පොඩි ලැසි කරන ලද තවත් සමාජ විරෝධී ක්‍රියාකාරකම් රැසක් පිළිබදව ජානාධිපතිට පෙත්සමක් ගසා ඇති බවත් ඒ පෙත්සම විභාග කිරීමට තමා ඇතුළු නිලධාරි කණ්ඩායමකට භාරදී ඇති බවත් ඒ අනුව පොඩි ලැසී විමර්ශන සඳහා එළියට ගෙන මරා නොදැමීම සඳහා රුපියල් ලක්ෂ අටක් ලබාදෙන ලෙස මේ තැනැත්තා ඉල්ලා සිටින බවද දිල්හානි මහත්මිය විසින් මෙහිදී අනාවරණය කරන ලදී.

මාකදුරේ මදුෂ් ,කොස්ගොඩ තාරක මරා දැමුවේ තමා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් බවත් පොඩි ලැසිටත් මේ ඉරණම අත් නොකිරීමට නම් රුපියල් ලක්ස අටක් අනිවාර්යයෙන්ම අවශ්‍ය බව කියමින් මේ තැනැත්තා කිහිප අවස්තාවකදීම දුරකථන ඇමතුම් ලබාදුන් බවද දිල්හානි මහත්මිය පවසනවා.

අම්බලන්ගොඩ මහජන බැංකුවට ගොස් අංක 259———–0ට මුදල් බර කරන ලෙසත් ඔහු තමාගෙන් ඉල්ලා සිටි බවත් මේ සියලු කතා බව හෙළි නොකරන බවට සීනිගම දෙවොල් දෙවියන්ගෙන් දිවුරුමක් ලබාගෙන තමාගෙන් මේ මුදල මේ තැනැත්තා ඉල්ලු බවද දිල්හානි මහත්මිය පවසනවා.

අදාල ගිණුම සම්බන්ධයෙන් ඔහුගෙන් කල විමසීමකදී ඔහු කියා ඇත්තේ හදිස්සියට තමාගේ කණ්ඩායමේ සිටින නිලධාරියෙකුගේ ගිණුමක් ලබාදුන් බවත් ඉක්මනින්ම මේ ගිණුමට මුදල් තැන්පත් කරන ලෙසත් බවද ඇය පවසනවා.

මේ පුද්ගලයා තමා සමග මේ සම්බන්ධයෙන් කළ සියලුම කතා බහේ හඩ පට තමා ළඟ තිබෙන බවත් ඉදිරි විමර්ශනයක් සඳහා ඒවා ලබාදිය හැකි බවත් දිල්හානි මහත්මිය වැඩිදුරටත් කියා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...