27 C
Colombo
Monday, May 6, 2024

ඉටුකම අරමුදලේ සල්ලි බෙහෙත් ගන්න දෙන්නැයි ඉල්ලීමක්

- Advertisement -

රට තුළ ඖෂධ හා උපකරණ හිඟයක් ඇති වෙමින් තිබෙන නිසා ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ පවතින මුදල් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට මුදාහරින ලෙස මහා බැංකු අධිපතිවරයාගෙන් ඊයේ (11) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඉටුකම COVID-19 අරමුදලේ සභාපති තනතුරු දරන්නේ මහා බැංකු අධිපතිවරයා බවත්, මේ නිසා අදාළ ඉල්ලීම සිදුකළ බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙවැනි අරමුදලක් පිහිටුවා තිබෙන්නේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ මූල්‍ය අර්බුදයක් ඇති වුවහොත් ඒ සඳහා අදාළ මුදල් යෙදවීමට බවත්, මේ වනවිට රටපුරා රෝහල්වල පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සෞඛ්‍ය අංශය අනතුරේ හෙළන මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමට ඉඩ නොතබමින් සෞඛ්‍ය සේවාව ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යායුතු බවත්, අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා මෙම අරමුදලේ මුදල් භාවිත කරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...