28 C
Colombo
Sunday, May 5, 2024

අවුරුද්දට දවස් 2යි – ජනතාව තාමත් පෝළිමේ..!

- Advertisement -

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට තවත් ඇත්තේ දින 2 ක් පමණක් වුවද ජනතාවට තවමත් කාලය ගත කිරීමට සිදුව ඇත්තේ, ගෑස් සහ තෙල් පෝලිම්වලයි.

ඩීසල් තිබියදීත් ජනතාවට ලබා නොදිම හේතුවෙන් අම්පාර උහන ඉන්ධන පිරවුම්හලේ ඊයේ (11) රාත්‍රියේ නොසන්සුන්තාවක් ඇති වූ අතර පිරිස අම්පාර උහන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත විය. පසුව, උහන පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ජනතාවට තෙල් ලබා දෙන බවට පොරොන්දු විමෙන් පසුව තත්ත්වය සමථයකට පත්විය.

මඩකළපුව ආරයම්පති ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම් පවතින්නේ ඊයේ දහවල් සිටයි. රාත්‍රී 10.00 ට පමණ වන විට පෙට්‍ර්ල් අවසන් බව දැනුම් දීමෙන් පසු එහි රැස්ව සිටි ජනතාව විරෝධතාවක නිරත විය.

අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසකම ඩීසල් අවසන්ව ඇති බව වාර්තා වන අතර ඇතැම් පිරවුම්හල්වල පෙට්‍රල් ද නිකුත් කෙරුණේ සීමා සහිතවයි. මහනුවර සහ ඒ අවට ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල අද උදෑසන සිට දිගු පෝලිම් දක්නට ලැබේ.

මේ අතර ගෑස් අර්බුදයත් තවම අවසන්වී නොමැත.

ගෑස් ඉල්ලා ගාල්ල නාගොඩ ප්‍රාදේශවාසීන් අද උදෑසන විරෝධතාවක නිරතවුණේ නාගොඩ පොලිසිය ඉදිරිපිටදීයි. මෙම විරෝධතාව හේතුවෙන් නාගොඩ මාපලගම මාර්ගය, නාගොඩ බද්දේගම මාර්ගය සහ නාගොඩ වඳුරඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල විය.

ගෑස් ලබා ගැනීමට හික්කඩුව සතිපොල අසල අද අලුයම සිට රැඳී සිටි ජනතාවට ගෑස් බෙදා දුන්නේ උදෑසන පැමිණි ගෑස් ලොරියකිනි. මෙහිදී උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.

මහනුවර අස්ගිරිය සුමංගල මාවත අවහිර කරමින් ප්‍රදේශයේ ජනතාව ගෑස් ඉල්ලා අද උදෑසන විරෝධතාවක නිරත විය. දින 4ක සිට ගෑස් ලබා ගැනිම සඳහා ජනතාව පෝලිම්වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ. පසුව මහනුවර පොලිස් නිලධාරින් පැමිණ අද දිනය තුළ ගෑස් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස තාවකාලිකව එම ස්ථානයෙන් පිටව ගියේ ය.

වැලිගම ප්‍රදේශයේ ගෑස් අලෙවි සැළක ඊයේ නොසන්සුන්තාවක් ඇතිවිය. ඒ, එම අලෙවිසැලට ලැබුණු ගෑස් සිලින්ඩර් 190 න් 140ක් පමණ ජනතාවට බෙදා දී අලෙවිකරු ගෑස් වෙළඳසැල වසා දැමීම හේතුවෙනි.

මේ අතර වව්නියාව නගරයේ ගෑස් අලෙවිසැල අසල අද දිගු පෝලිම් දක්නට ලැබිණ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...