32 C
Colombo
Monday, May 6, 2024

ඇඳුම් රට යැවීම මේ මාසේත් කඩාවැටුණ හැටි

- Advertisement -

කොවිඩ්-19 වසංගතය පැමිණීමෙන් පසු ලංකාවේ අපනයන ආදායම දිගින් දිගටම අඩු වුණා. පසුගිය සතියේ එළිදැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව 2019 නොවැම්බර් මාසයේ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 747.58ක්. එය ඊට පෙර අවුරුද්දේ නොවැම්බර් මාසයට වඩා සීයට 21ක අඩුවක්.

ඒත් නොවැම්බර් මාසයට කලින්, ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේදී තිබුණු අවුරුද්දෙන් අවුරුද්දට කඩාවැටීම සීයට 15ක් පමණයි. ඒ කියන්නේ 2019 ඔක්තෝබර් මාසයට වඩා 2020 ඔක්තෝබර් මාසයේදී කඩාවැටී තිබුණේ සීයට 15කින් විතරයි.

මේ දත්තවල තවත් පැත්තකින් බැලුවොත් යහපත් ලක්ෂණයක් පේනවා. ඒ තමයි මාසෙන් මාසෙට කඩාවැටීම. 2020 සැප්තැම්බර් ඉඳන් 2020 ඔක්තෝබර් වෙනතුරු මාසේ කඩාවැටීම සීයට 15ක්. ඒත් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් වෙනතුරු කඩාවැටීම සීයට 15ක් විතරයි.

මේ අවුරුද්දේ ගෙවුණු මාස 11දී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 8.98ක්. ඒක කලින් අවුරුද්දේ මාස 11ට වඩා සීයට 17ක කඩාවැටීමක්.

අපනයන සංවර්ධන මණ්ඩලය කියන විදියට නොවැම්බර්වල කඩාවැටීමට හේතුව කොවිඩ්-19 අලුත් රැල්ල. විශේෂයෙන් කොවිඩ් රැල්ල ඇඟලුම් ක්ෂේත්‍රයටත් පැතිරුණ නිසා කඩාවැටීම වැඩි වුණා.

අපේ රටට වැඩිම ආදායමක් ගේන අපනයන ක්ෂේත්‍රය වන නිසා ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට කොවිඩ්-19 මැද්දේ වුණත් ආරක්ෂිතව යළි නැගිටින්න සිද්ධවෙනවා.

RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...