25 C
Colombo
Sunday, May 19, 2024

වෙඩි තබා තිබියදීත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය මඟහරියි

- Advertisement -

රඹුක්කන විරෝධතාකරුවන් හට පොලිසියෙන් වෙඩි තබා තිබෙන පසුබිමක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ජනමාධ්‍ය මඟ හරිමින් සිටින බවට මාධ්‍ය ආයතන රැසකින් පැමිණිලි ඉදිරිපත්ව තිබෙනවා.

මෙම සිදුවීමට පෙරද විවිධ විරෝධතා හා උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම්වලදී මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙනවා වෙනුවට ඒ මහතා සිදුවීම පිළිබදව වීඩියෝ පට පටිගත කර මාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කරනවා.

එහිදී මාධ්‍යවේදීන්ට සිදුවීම පිළිබඳව පැහැදිලි කරගැනීමට කිසිදු අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

බොහෝවිට ඔහුගේ ජංගම දුරකතනය පොලිස් මාධ්‍ය අංශයේ ස්ථාවර දුරකථනයට යොමුකර නිහාල් තල්දූව මහතා මාධ්‍ය මඟහරිමින් සිටිනවා.

මාධ්‍යවේදීන් පවසන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස තනතුරක් ඇතිකර ජනතා මුදලින් නිහාල් තල්දූව මහතාට වැටුප් ගෙවන්නේ තමන්ට අදාළ රාජකාරිය වන මාධ්‍යවේදීන්ට පිළිතුරු දීමට බව පොලිස්පතිවරයා හෝ ඔහුට මතක් කර දෙන්නේ නම් ජනතා මුදල් නාස්ති නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...