33 C
Colombo
Monday, May 6, 2024

ඇමති තනතුු බෙදාගන්නට නොහැකිව පාකිස්තානයේත් ආරවුල්

- Advertisement -

පකිස්තානයේ අගමැති ෂෙබාස් ෂරීෆ් අඟහරුවාදා පුද්ගලයින් 33කින් යුත් ෆෙඩරල් කැබිනට්ටුවක් පිහිටුවා දිනකට පසුව ප්‍රධාන අමාත්‍යාංශ බෙදා හැරීම සම්බන්ධයෙන් පාලක සන්ධානය අතර මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා.

මෙම මතභේදාත්මක තත්ත්වය හට ගෙන ඇත්තේ පාලක සභාගයේ ප්‍රධාන පක්ෂ දෙක වන පකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් (PML-N) සහ පකිස්තාන මහජන පක්ෂය (PPP) අතර කැබිනට් මණ්ඩලය සඳහා ඔවුන්ගේ සාමාජිකයින් තෝරා ගැනීම සහ අමාත්‍යාංශ බෙදා හැරීම සම්බන්ධයෙනි.

පකිස්තාන අගමැති කාර්යාලයේ (PMO) මූලාශ්‍රයක් උපුටා දක්වමින් Dawn පුවත්පත වාර්තා කර තිබුණේ PML-N හි කැබිනට් සාමාජිකයින් කිහිප දෙනෙකු තවමත් සලකා බලමින් සිටින බවයි.

මන්ත්‍රීවරුන් 33 දෙනෙකු විසින් දිවුරුම් දී ඇතත්, එරට කැබිනට් අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක ෆෙඩරල් අමාත්‍යවරුන් 26 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ නම් ඇතුළත් වූ බව ද එහි සඳහන් විය.

මේ අතර හිටපු පාලක පක්ෂය වූ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය අගමැති ෂරීෆ්ගේ කැබිනට් මණ්ඩල තේරීමට ප්‍රතිචාර දක්වමින් අලුතින් පත් වූ බොහෝ අමාත්‍යවරුන් දූෂණ චෝදනාවලට මුහුණ දී ඇප මත සිටින අය බවට චෝදනා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2004...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...