32 C
Colombo
Sunday, May 5, 2024

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකුට වේයන්ගොඩදී වෙඩි

- Advertisement -

ඉකුත් 19 වෙනිදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන්වන ආකාරයට කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
අපරාධ ක්‍රියාවලිය සම්බන්ධ විමර්ශනයකට යැයි පවසමින් අද (28) අළුයම පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සමඟ මෙම පුද්ගලයා වේයන්ගොඩ – හල්ගම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා.
එහිදී ඇතිවූ සිදුවූ යම් සිදුවීමකින් අනතුරුව සැකකරු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.
නමුත් එම යම් සිදුවීම කුමන ආකාරයේ සිදුවීමක්දැයි හෝ සැකකරු වේයන්ගොඩට රැගෙන ගිය යම් විමර්ශනය කුමක්දැයි ඔහු සදහන් කරන්නේ නැහැ.
මියගිය පුද්ගලයා වේයන්ගොඩ – බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි නිශාන්ත කුමාරසිරි නැමැති පුද්ගලයෙක්.
මොහු මංකොල්ලකෑම් කිහිපයකටද සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...