26 C
Colombo
Saturday, May 18, 2024

ත්‍රස්තවාදය පෝෂණය කිරීමට දිය යටින් ගින්දර ගෙනයන පාකිස්තානය

- Advertisement -

අසල්වැසි රටවල සිය ප්‍රජාවට එල්ල වන ප්‍රහාර පිළිබඳව කනස්සල්ල පළ කරමින් ලක්නව්හි පිහිටි ෂියා මුස්ලිම් කණ්ඩායමක් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින් චෝදනා කර ඇත්තේ පාකිස්තානය ත්‍රස්තවාදය පෝෂණය කරන බවයි.

අප්‍රේල් 26 දිනැති ලිපියකින් ලක්නව්හි සමස්ත ඉන්දීය ෂියා හුසේනි අරමුදල (AISHF) කියා සිටියේ පකිස්ථානයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සංවිධාන පසුගිය වසර 35 තුළ ෂියා සුළු ජාතීන්ගේ ලේ ස්නානයක නිරත වන බවයි.

එම කාලසීමාව තුළ පකිස්ථානයේ ත්‍රස්තවාදී සංවිධාන විසින් ඉලක්ක කර තිබූ ෂියා මුස්ලිම් පල්ලිවල නමාස් පූජා කිරීමේදී ෂියාවරුන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා වල සදහන්.

පාකිස්තානයට මෙලෙස චෝදනා එල්ල වෙද්දී පසුගිය සති අන්තයේ ඇෆ්ගනිස්ථානයට එල්ල වූ පකිස්තාන හමුදා ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 47 දෙනෙකු මිය යාමෙන් පසු පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර විරසකයක් නිර්මාණය වී තිබෙනවා

ඒ දේශසීමා ආසන්නයේ ඇති ව තිබෙන ගැටුම් ද උත්සන්න වීම හේතුවෙන්.

පසුගිය මාස කිහිපය තුළම, සන්නද්ධ සටන්කාමී කණ්ඩායමක් වන Tehreek-e-Taliban Pakistan (TTP) ඇෆ්ගනිස්ථානය තුළ සිට පකිස්ථාන ආරක්ෂක හමුදා වෙත ප්‍රහාර වැඩි කර ඇති බව විදෙස් වාර්තා වල සදහන්.

ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ කෝස්ට් ප්‍රාන්තවල පාකිස්තාන හමුදා ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ඇෆ්ගන් බලධාරීන් පවසන අතර තුවාල ලැබූවන් අතරට වැඩි වශයෙන් කාන්තාවන් සහ ළමයින් ඇතුළත්.

පාකිස්තාන  පරිපාලනය ප්‍රහාර ගැන නිහඬව සිටියද, මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ  පාකිස්තාන් බෝම්බ ප්‍රහාර එම පළාතේ TTP ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර ගත් බවයි.

කෙසේ වෙතත් දැන් තමන්ට බලපෑම් එල්ල වන බව පැවසුනද කලකට ඉහතදී මෙම ත්‍රස්ත කණ්ඩායම් පාකිස්තාන බලධාරීන් විසින්ම නිල නොවන ආකාරයෙන් පෝෂණය කර තිබීම හාස්‍යජනක තත්ත්වයක්.

මෙම ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්තානයේ ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීම එරට තුළ පාකිස්තාන විරෝධී විරෝධතා ඇවිලවීමට හේතු වුණා.

මීට තලේබාන් සංවිධානය ප්‍රතිචාර දැක්වූයේ කාබුල්හි සිටින පකිස්ථාන නියෝජිතයා කැඳවා ඇෆ්ගනිස්ථාන “භූමියට සහ නිදහසට” නැවතත් “අගෞරව කළහොත්” ලැබෙන “නරක ප්‍රතිවිපාක” ගැන ඉස්ලාමාබාද් වෙත අනතුරු අඟවමින්.

ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර  වර්ධනය වෙමින් පවතින අවිශ්වාසය, බොහෝ විට එකිනෙකාගේ දැඩි විවේචනයට තුඩු දී තිබෙනවා.

ත්‍රස්තවාදීන්ට රැකවරණය සැලසීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයට දොස් පවරමින් පාකිස්තාන පාළනය ද පරුෂ වචනවලින් ප්‍රතිචාර දැක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර 2021 සැප්තැම්බරයේදී තලේබාන් සංවිධානය විසින්, පාකිස්ථානයට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන වැසියන්ට ද වෙඩි තබා තිබෙනවා. 

සුහද සබඳතා සහතික කිරීම සඳහා තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් පාකිස්තානය “අතිශයින් වැදගත්” ලෙස මීට පෙර හැඳින්වූවා.

කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම සම්බන්ධතාවය ඉක්මනින් බිඳ වැටීමට පටන් ගෙන තිබෙනවා.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇෆ්ගනිස්ථානයේ සිට තහ්රීක්-ඊ-තලෙයිබාන් (ටීටීපී) සටන්කාමීන් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් පාකිස්තාන සොල්දාදුවන් පස් දෙනෙකු මිය ගියා.

මීට පෙර, පකිස්ථාන හමුදා හෙලිකොප්ටරයකට අප්‍රේල් 7 වන දින ඇෆ්ගනිස්තානය එරට නිම්රෝස් පළාතේ ඩුරන්ඩ් දේශසීමාව ඔස්සේ වෙඩි තැබූ අතර, පාකිස්ථාන හමුදාව අප්‍රේල් 14 වන දින කුනාර් සහ නුරිස්තාන් පළාත්වල දේශ සීමාව හරහා කාලතුවක්කු උණ්ඩ 56 ක් එල්ල කළා.

“පසුගිය දින කිහිපය තුළ, පකිස්තාන-ඇෆ්ගන් දේශසීමාවේ සිදුවීම් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති අතර, එහිදී පාකිස්තාන ආරක්ෂක හමුදා දේශසීමාවෙන් එපිටින් ඉලක්ක කර ගත්” බව පාකිස්තාන විදේශ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා..

වර්ථමානයේදී ත්‍රස්ත ප්‍රහාර වලින් තමන්ට හානි සිදුවන බවට පාකිස්තානය දැන් දැන් හඬ නැගුවද සත්‍ය ලෙසම ත්‍රස්තවාදීන් නිර්මාණය කළේ කවුරුන්ද යන්න මේ වනවිට අප හමුවේ ඇති ප්‍රශ්නයක්.

මක්නිසාදයත් පාකිස්තාන පරිපාලනය විසින් අවස්ථා ගණනාවකදීම ත්‍රස්තයන්ට සහාය පළ කිරීම් පිළිබඳ නිරන්තරයෙන්ම විවිධ රටවල් වල බුද්ධි අංශ විසින් වාර්තා කර තිබීමයි.

ත්‍රස්තවාදය පිළිබඳ  අමෙරිකානු කොන්ග්‍රස් වාර්තාවකට අනුව, පාකිස්තානය අවම වශයෙන් ‘විදේශීය ත්‍රස්තවාදී සංවිධාන’ ලෙස නම් කර ඇති කණ්ඩායම් 12 ක නිවහනක් ලෙස එහි දැක්වෙනවා.

Lashkar-e-Taiba (LET) 1980 ගණන්වල අගභාගයේදී පකිස්ථානයේ පිහිටුවන ලද අතර 2001 දී විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් (FTO) ලෙස නම් කරනු ලැබුවා.

“LET 2008 ඉන්දියාවේ මුම්බායි හි (11/26) ප්‍රධාන ප්‍රහාරවලට මෙන්ම තවත් ඉහළ පෙළේ ප්‍රහාර රාශියකට වගකිව යුතු  ත්‍රස්ත  සංවිධානයක්.

ඉන්දියාව ලෙයින් තෙත්කළ එම ප්‍රහාරය සදහා පැමිණි පිරිසෙන් අජ්මාල් කසාබ්  නැමැති ත්‍රස්තවාදියා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසියට හැකියාවක් ලැබුණා.

මෙම ප්‍රහාර මාලාවේ සුලමුල සොයා ගැනීමට ඉන්දියානු පොලිසියට හැකි වන්නේ ඉන් අනතුරුවයි.

ප්‍රහාරය සඳහා පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ලක්ෂාර්-ඊ-තයිබා නම් ත්‍රස්ත සංවිධානය සම්බන්ධ බවට එහිදී අනාවරණ වනවා.

මුම්බායි ප්‍රහාරය සැලසුම් කළ හා එය මෙහෙයවනු ලැබු පකිස්ථාන ලෂ්කාර්-ඊ-තායිබා ත්‍රස්තයින්, තරුණ සන්නද්ධ පුද්ගලයින් 10 දෙනෙකු මාස ගනණාවක් පාකිස්තානයේ කරච්චි හා තට්ටා යන නගර වලදී මෙම ප්‍රහාරය සදහා පුහුණු කර මුම්බායි වෙත එවා ඇති බව විමර්ශන වලදී අණාවරනය වුණා.

මුම්බායි පොලිස් දෙපාර්තමේන්තුව මුලින් සැකකරුවන් 37 දෙනෙකු හඳුනාගත් අතර පකිස්ථාන හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පළ වනවා.

පකිස්තානයේ සිට ක්‍රියාත්මක වන අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් අතර අල් කයිඩා මූලික ස්ථානයක් ගත් අතර , එය කරච්චි නගරයේ මෙන්ම ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වී ඇති බව විදෙස් වාර්තා වල සදහන්.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ  වාර්තා වල දැක්වෙන්නේ , පාකිස්තානය “සමහර කලාපීය වශයෙන් අවධානය යොමු කරන ලද ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආරක්ෂිත තෝතැන්නක් ලෙස දිගටම සේවය කර ඇති බවයි.

ඇෆ්ගනිස්ථානය ඉලක්ක කරන කණ්ඩායම්වලට මෙන්ම ඉන්දියාව ඉලක්ක කරන කණ්ඩායම්වලට පාකිස්තාන භූමියේ සිට ක්‍රියාත්මක වීමට ඉඩ දී ඇති බව ද එම වාර්තා වල වැඩිදුරටත් සදහන්.

ඒ අනුව පෙනීයන්නේ පාකිස්තානය තමන් ත්‍රස්තවාදයෙන් බැට කන බව ප්‍රකාශ කලද ලොවටම ත්‍රස්තවාදය වැපිරීම සදහා ඔවුන් අත යටින් ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවයි.

එහි දරුණු ප්‍රතිවිපාකයන් වලට මේ වන විට වත්මන් ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනයට ද මුහුණදීමට සිදුව තිබීම දෙවෝපගත කරුණක්.

ඒ දිනෙන් දින ඇෆ්ගනිස්තානය තුළ ඉහළ යන බෝම්බ පිපිරුම් හා ලේ වැගිරීම් වලට සත්‍යය ලෙසම වගකිවයුත්තේ කවුරුන් ද යන්න තලේබාන් පාලනයට තවමත් සොයාගත නොහැකි වීම හේතුවෙන්.

කෙසේ වෙතත් පාකිස්තාන පාලනය අවස්තා රැසකදීම සිය අවශ්‍යතා වෙනුවෙන් ඇෆ්ගනිස්තානය තුළ ද , කුඩා කුඩා ත්‍රස්ත කණ්ඩායම් සිය ගණනක් පසුගිය සමයේ ස්ථාපිත කර ඇති බව යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...