32 C
Colombo
Sunday, May 5, 2024

මාවනැල්ල බුදු පිළිම ආවරණ කැඩීම ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි (ඡායාරූප)

- Advertisement -

මාවනැල්ල – හිඟුල ප්‍රදේශයේ කොළඹ – නුවර මාර්ගය අසල ඉදිකර ඇති බුදුමැදුරක ඉදිරිපස ආවරණ වීදුරුව ඊයේ (28) අළුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩා දමා හානිකර තිබීම සම්බන්දයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භවී තිබෙනවා.
ඒ අනුව පොලීසිය මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර අද පස්වරුවේ එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම CCTV දර්ශන නිරීක්ෂණය කිරීමටද නියමිතයි.
අදාල සිදුවීමෙන් බුදු පිළිමයට කිසිදු හානියක් සිදුව නැති අතර ඉදිරිපස වීදුරුවට පමණක් හානිවී තිබෙනවා.
මීට අමතරව මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ අලුත්නුවර නගරයේ මාර්ගයක් අසල ඇති බුදුපිිළිමයක ඉදිරිපස වීදුරුවටද මීට දින තුනකට පෙර පහරදී එම වීදුරු ආවරණය කඩා දමා තිබෙනවා.
එමෙන්ම මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියකින් එහි කල් කැඩීම සදහා යොදා ගැනීමට ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද අතුරුදහන්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...