33 C
Colombo
Sunday, May 5, 2024

යුරෝපා සංගමය පකිස්තානයට තදට හිටියි

- Advertisement -

අගමැති ෂාබාස් ෂරීෆ් යටතේ ඇති නව පකිස්තාන ආණ්ඩුව එහි කර්මාන්තවල අඩු කාර්ය සාධනය හේතුවෙන් පීඩාවට පත්වූ අරගලකාරී ආර්ථිකයක් උරුම කර ගෙන සිටියත් යුරෝපා සංගමය ඔවුන්ට අදාළ සිය සම්මුතීන්හි අනුකූලතාවයන් දැඩි කර ඇති බව වාර්තා වේ.

පකිස්තාන ආණ්ඩුව සිය අපනයන අංශය නංවාලීමට උත්සාහ කරන නමුත් GSP ප්ලස් ප්‍රතිලාභවලට සම්බන්ධ යුරෝපීය සංගමයේ විවිධ සම්මුතීන්ට අනුකූල නොවීම ඊට ප්‍රධාන බාධකයක්ව පවතින බව පැවසේ.

කම්කරු කොන්දේසි, මානව හිමිකම්, කාන්තා සහ ළමා අයිතිවාසිකම්, ආගමික නිදහස, පාලනය යනාදී එක්සත් ජාතීන්ගේ මූලික සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කිරීමට යටත්ව වසර දහයක් (2014-23) සඳහා ලබා දී ඇති GSP ප්ලස් පහසුකම යටතේ යුරෝපා සංගමයට කරන අපනයනවලින් 66%කට වැඩි ප්‍රමාණයක් සඳහා පකිස්තානයට තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා දී තිබේ.

එම පහසුකම 2023 අවසානයේ කල් ඉකුත් වන බැවින්, යෝජනා ක්‍රමයේ සමාජ, කම්කරු, පාරිසරික සහ දේශගුණික මානයන් ශක්තිමත් කිරීම සඳහා නව සම්මුතීන් පහක් එකතු කිරීමට ද යුරෝපා සංගමය යෝජනා කර ඇත.

ඒ අනුව රටේ ශ්‍රම තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පාකිස්ථානය විසින් නීති සහ රෙගුලාසි කිහිපයක් හඳුන්වා දී ඇතත් ඒවා ලේඛනවලට පමණක් සීමා වී ඇති බවට චෝදනා නැගී තිබේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...